Skip to content

Tesla Bot හි නවතම තත්වය.

Tesla Bot යනු මිනිසාට කිරීමට අනාරක්‍ෂිත හෝ නීරස කාර්යයන් කිරීම සදහා සාදන මානව රූපි රෝබෝවෙකි.2021 අගෝස්තු මස 19 වන දින Tesla සමාගමෙහි Artificial Intelligence (AI) Day උළෙලේ දී CEO Elon Musk විසින් මේ පිලිබදව ප්‍රථමවරට ප්‍රකාශයටපත් කරන ලදී, එදින උඩින Elon Musk පැවසුවේ 'Tesla 2022 වන විට ප්‍රථම මූලාකෘතියක් නිපදවීමට හැකි වනු ඇති බවයි'. Elon Musk  පැවසූ පරිදි AI 2022 උළෙලේදී ප්‍රථම මූලාකෘතියක් එළිදැක්විය එහෙත් බලාපොරොත්තු වූ මූලාකෘතියට සමාන නොවිය. 2023 වනවිට රොබෝව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන බවද පවසා ඇත.

2023 May 17 දින තිබූ කොටස් හිමියන්ගේ හමුවක් අතරතුර Elon Musk විසින්  Tesla Bot හි නවතම තත්වය පිළිබද වීඩියෝවක් බෙදාගත්තේය, Tesla Bot රෝබෝ වරුන් කිසිම පැකිලීමකින් තොරව ඇවිදීම, කිසියම් බාණ්ඩයක්  ඔසවා වෙනත් ස්ථානයකින් තැබීම, අතපය හැසිරවීම වැනි දෑ කිරීමට හැකිය නමුත් මෙම රොබෝවරුන් කරන සෑම ක්‍රියාවක්ම ඉතා මන්දගාමි විය. නමුත් AI 2022 හි ප්‍රදර්ශනය කර Tesla Bot ට සාපේක්ෂව විශාල වර්දනයක් පන්නුන් කරයි. තවද Elon Musk මෙම Tesla Bot නිෂ්පාදනය කර මානව සංහතියේ විශාල පිම්මක් පැනීම නුදුරේදීම සිදිවන බව නොවනු මානයි.

රොබෝ තාක්ෂණයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන Boston Dynamics සමාගමේ  CEO Robert Playter ද පවසා ඇත්තේ Tesla Bot ව්‍යාපෘතිය තම සමාගමට විශාල තරගයක් දෙනු ඇති බවයි. නමුත් Boston Dynamics සමගම Tesla Bot සමග තරග කිරීමට අපේක්ෂා කරන බව Lex Fridman පොඩ්කාස්ට් එක සමග සම්බන්ද වී Boston Dynamics CEO Robert Playter පවසා ඇත.

Latest