වයස අවුරුදු 10 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක්ව අවස්ථා 08 කදී දුෂණය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව වැල්ලම්පිටිය පොලීසිය සදහන් කරයි.
අතවරයට ලක්ව ඇත්තේ කොළඹ ප්‍රසිද්ධ පාසලක 5 වන වසර පන්තියේ ඉගෙණුම ලබන සිසුවියකි.
මෙම සිසුවියගේ හැසිරීමේ වෙනස් කම් දැක ඇති පන්ති බාර ගුරුවරිය ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවී ඇත. පසුව ගුරුවරිය ඒ බව දැරිවියගෙන් විමසා ඇත. ඇයට සිදුවී ඇති අතවරය සම්බන්ධ තොරතුරු හෙලිවී ඇත්තේ එම අවස්ථාවේදීය.
අනතුරුව පාසල් ගුරුවරිය විසින් මේ බව වැල්ලම්පිටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැණුවත් කිරීමට කටයුතු කර ඇත.දැරිවියව තම බාරයට ගෙන ඇති පොලිස් නිලධාරීණියන් ඇයගෙන් කරුණු විමසා ඇත.
ප්‍රදේශයේ පාසලක සිදුවෙකු තමන්ව අවස්ථා 08 කදී දුෂණය කළ බව දැරිවිය පොලිස් නිලධාරීණියන් හමුවේ පවසා ඇත. පසුව දැරිවියව කොළඹ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කර ඇති පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිවිය දුෂණය වූවාට අමතරව ඇයගේ සිරුරේ ස්ථාන කීපයක් දුම්වැටියකින් පුළුස්සා ඇති බවයි.
තමන්ට අතවර කළ බව කියන සිසුවාගේ නම දැරිවිය විසින් පොලීසිය හමුවේ හෙලි කර ඇත. ඒ අනුව එම සිසුවා අධ්‍යාපනය ලබන බව කියන පාසලේ අදාල නම කියවෙන සිසුන් පොලීසියට ගෙන්වා ඇති නමුත් ඒ කිසිවෙකු අතර තමන්ට අතවර කළ සිසුවා නොසිටින බව දැරිවිය පවසා ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත. දැරිවිය ප්‍රතිකාර සදහා ඇයගේ මව බාරයේ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් අධිකරණය වැල්ලම්පිටිය පොලීසියට නියම කර ඇත.