Skip to content

"රජෙක් වුනත් ලෙඩෙක් වුනොත්" ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යා යුත්තේ රෝහලකටය. එහෙමත් නැත්නම් වෛද්‍යවරරයෙකු වෙතය. අපි මොලොව උපත ලබන්නේද රෝහලකය. ඒ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එමෙන්ම බොහෝ දෙනෙකු අවසන් හුස්ම හෙලන්නේද රෝහලකය.

ඒ අනුව බලන කළ අපි සෑම දෙනෙකුටම වෛද්‍ය සහාය සෑම විටකම අවශ්‍යම වන්නේය. උපතේ සිට මරණය දක්වා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අයගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු වන කරුණකි.

සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඇති විය හැකි විවිධාකාරයේ ගැටළුකාරී තත්ත්වයන් ගෙන් පහසුවෙන් මිදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩ පිළිවෙක් හදුන්වා දී ඇත."සුව සවනට" නමින් නම් කර ඇති මෙම වැඩ සටහන අනුව ඔබට ඇති ඕනෑම සෞඛ්‍ය ගැටළුවකට විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් උපදෙස් පැතිය හැකි වේ.

0707 907 907 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන්, 1907 අංකයට SMS පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ කථා කිරීමෙන්ද මෙම සේවාව ලබා ගත හැකි වේ.ඊට අමතරව suwasawana@health.gov.lk විද්‍යුත් ලිපිනයටද ඔබගේ ගැටළු යොමු කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. මෙම සේවාවන් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

Latest