හඟුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර ඔහුගේ පියාට බරපතල තුවාල ඇතිවන සේ පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකු ඊයේ (27) මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 19 වැනි දින දෙපිරිසක් ඉඩම් ඇති වූ ආරවුලක දී මෙම පහර දීම සිදුව තිබිණි. සිද්ධියෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (25) රාත්‍රියේ හඟුරන්කෙත පොලීසිය වැටලිමට ද උත්සාහ ගෙන තිබිණි.
එම අවස්ථාවේ පොලීසිය අදාළ පිරිස විසුරුවා හරිනු ලැබුවේ අහසට වෙඩි ප්‍රහාර එල්ල කරමිනි.
සිද්ධියන් පසු සැඟවි සිටි පිරිස (27) පස්වරුවේ මහනුවර පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන් අතර එක් කාන්තාවක්ද සිටින බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාවගේ සැමියා හා පුතාද සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම් දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්