Skip to content

ධීවර සංස්ථාවට අයත් හලාවත ඉන්ධන ගබඩාවේ වහලය සුළගට හසුවී ගසා ගෙන ගොස් ඇත.
පසුගිය 26 වැනිදා සවස 5.30 ට පමණ හලාවත ප්‍රදේශය හරහා දැඩි සුළගක් හමා ගොස් ඇත.ඉන්ධන ගබඩාවේ වහලය ගසා ගෙන ගොස් ඇත්තේ එම අවස්ථවේදීය.සුළගට හසුවී ගසා ගෙන ගොස් ඇති වහළය ආසන්නයේ ඇති විදුලි රැහැන් පද්ධිතය රැදී නැවතී ඇත.මෙම හේතුව නිසා ඉන්ධන ගබඩාව පිහිටා ඇති ස්ථානය අවට ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත.

සුළගට හසුවී ගසා ගෙන ගිය වහළයේ සවි කර තිබූ විදුලි පංකා බිමට කඩා වැටී ඇති බවක්ද දක්නට ලැබුණි.වහළය සුළගට ගසා ගෙන යන අවස්ථාවේදී ඉන්ධන ගබඩාව තුළ ආරක්ෂක නිලධාරීන් සේවය කරමින් සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුවී ඇත. ධීවර සංස්ථාවට අයත් හලාවත ඉන්ධන ගබඩාව පිහිටා ඇත්තේ හලාවත ප්‍රධාන මාළු අලවි සැල් සංකීර්ණය තුළය.

Latest