Skip to content

සීනි, සෝස් සහ මිරිස්කුඩු කන්නේ බලාගෙනයි

දිවයින පුරා පිහිටි වෙළඳපොළේ මේ වන විටත් පාරිභොගික ජනතාව අතට පත්ව ඇතැයි සැකෙරෙන අවධානම් වර්ණක ද්‍රව්‍ය  යෙදූ මිරිස්කුඩු, තක්කාලි සෝස් සහ  සිනි අලෙවිවන බවට තොරතුරු ලැබී ඇතැයි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා සඳහන් කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාණ් කුමාර මහතා පවසා සිටියේ,

“බොහෝ දෙනා තක්කාලි සෝස් ආහාරයට ගන්නට පුරුදු වෙලා තියෙනවා. කේටරින් සෝස් කියලා හඳුන්වන්නේ වෙළඳපොළේ තියෙන සෝස් වර්ග ගණනාවක කරන ලද පරීක්ෂාවන් කිහිපයකදීම, කිසිදු ආකාරයක තක්කාලි නොමැතිව තක්කාලි සෝස් සකස් කරපු අවස්ථා ගණනාවක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම කේටරින් සෝස් පරිභෝජනයට ගන්නවා නම්, හුඟක් වෙලාවට වෙළඳසැල්වල මේසය මත තබන සෝස් වර්ග වලට මේක දකින්නට පුළුවන්. එවැනි සෝස් එකක් ආහාරයට තබා ගැනීමේදී යම් කැටිති ස්වභාවයක් තියෙනවා නම්, කැටි කැටි ආකාරයෙන් එය, ආහාරය මතට වැක්කෙරෙනවා එවැනි සෝස් එක බොහෝ වෙලාවට තක්කාලි අඩංගු නොවන වර්ගයක් වෙන්නට පුළුවන්. කේටරින් සෝස් කියලා විකුණන්න තියෙන සෝස් වර්ග වලදී ඝණකාරක වන ඊත ගණන් දාපු සෝස් වර්ග ආහාරයට එකතු කරගන්න එක එච්චර හිතකර වෙන්නේ නැහැ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ,

‘වර්ණක එකතු කරන ලද සෝස් වර්ග කෘතීම රසකාරක, වර්ණක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය පමණක් එකතු කරන ලද සෝස් වර්ග ගණනාවක් මේ වෙනකොට වෙළෙඳපොළේ තියෙනවා. මේ දිනවල රතු සීනි වලට තියෙන වැඩි ඉල්ලුම ප්‍රයෝජනයට අරගනිමින් සමහර ව්‍යාපාරිකයෝ සුදු සීනිවලට වර්ණක යොදලා රතු සීනි විකුණන අවස්ථා ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. ස්වභාවික රතු සීනි වර්ග වල යම් තෙතමනයක් සහිත බවක් තියෙනවා. කාලයක් තබා ගැනීමේ නොහැකියාවකුත් තියෙනවා. මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා ගන්නා ආහාර විශේෂයෙන්ම මිරිස් කුඩු, තුන පහ කුඩු සහ කහ කුඩු වලට පිෂ්ඨය, ලුණු සහ වර්ණක එකතු කර අවස්ථා ගණනාවක් වාර්තා වෙනවා. ඒ නිසා ඔබ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න.” යනුවෙනි.

Latest