ජීවිතය ඔබේ ගුරුවරා වන අතර ඔබ නිරන්තරවම ඉගෙනීමේ තත්වයක සිටී. ඔබ ජීවිතයට ආදරේ කරන්නේ නම් කාලය නාස්ති නොකරන්න, මන්ද ජීවිතය සෑදී ඇත්තේ කාලයෙනි.
ජීවිතය සහ මිනිසා පිළිබඳව එලෙස දුටුවේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ අද්විතීයම, අසමසම සටන් ශිල්පියා වශයෙන් සලකන බෲස්ලීය.
1973 ජූලි 20 වන විට වයස අවුරුදු 32 ක් තරම් ඉතාම තරුණ අවධියකදී මියයන මේ අපූරූ මිනිසා මිය ගොසින් අදට වසර පනහක් සපිරෙන අතර getpeakonline අපගේ මේ සටහන ශ්‍රී ලංකාවේ සුවහසක් වූ බෲස්ලී රසික ප්‍රජාව වෙනුවෙනි.

ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම සටන් ශිල්පියා, සටන් නළුවා වශයෙන් මෙන්ම ජිට් කුන්ඩෝ නම් නව සටන් ශිල්පයේ නිර්මාතෲ වශයෙන් පමණක් නොව දාර්ශනිකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් සලකන බෲස්ලී උපත ලබන්නේ වර්ෂ 1940 නොවැම්බර් මස 27 වන දා සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරය.
බෲස්ලීගේ පියා ඔපෙරා ගායකයකු සහ නළුවකු වශයෙන් කටයුතු කරන අවස්ථාවේ ඔහුගේ භාර්යාව සමග සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරට පැමිණි අවස්ථාවක බෲස්ලී උපත ලබන අතර නමුත් ඉන් පසුව ඔහු හැදී වැඩෙන්නේ හොංකොං නුවරය. පියා චිත්‍රපට නළුවකු වූ බැවින් කුඩා බෲස්ලී හට ද කුඩා කාලයේ සිටම චිත්‍රපට තුළ රඟ පෑමට අවස්ථාව හිමිවන අතර එහිදී ඔහු චිත්‍රපට 20 ක පමණ බොහෝ විට අකීකරු වීදි දරවකු ලෙස රඟ පා ඇතැයි සැලකේ.

"මෝඩයෙකුට ඥාණවන්ත පිළිතුරකින් ඉගෙනගත හැකි දේට වඩා ඥාණවන්තයෙකුට මෝඩ ප්‍රශ්නයකින් ඉගෙනගත හැකිය" ( බෲස්ලී )
කෙසේ නමුත් බෲස්ලී කුංෆු සටන් කලාව හැදෑරීම ආරම්භ කරන ලද්දේ නව යොවුන් වයසේදී වන බව මූලාශ්‍රවල දැක්වෙන අතර නව යොවුන් වියේදී ඔහු හොංකොං හී ප්‍රාදේශීය කල්ලි සමග එක්ව පොලීසිය සමග විවිධ ගැටුම් ඇතිකරගත් බව ද කියැවේ.
කුංෆු පමණක් නොව මෙම අවධියේදී බෲස්ලී නැටුම් ශාස්ත්‍රය ද හදාරන අතර විද්වතුන් පවසන්නේ ඔහුගේ එම අද්විතීය සටන් ශිල්පයට නැටුම් කලාව ද බලපාන්නට ඇති බවය. විශේෂයෙන් සටන් ශිල්පයේදී අත් පා මනාව හැසිරවීමට නැටුම් ශාස්ත්‍රය ද උපස්ථම්භක වී ඇති බව විද්වත් මතයයි.

ලී ට වයස අවුරුදු 18 ක් වන විට ඔහුගේ වීදි සටන් සහ ඔහු පොලීසිය සමග ඇති කර ගන්නා ගැටුම් හේතුවෙන් කලබලයට පත්වන ලී ගේ දෙමාපියන් ඔහු නැවතත් එක්සත් ජනපදයට පිටත්කර හරින අතර සැබවින්ම බෲස්ලීගේ ජීවන ගමන ආරම්භ වන්නේ මින් පසුව යැයි කීම සාධාරණය.
එක්සත් ජනපදයේ සියෑටල්හී තම පවුලේ නෑදෑ හිතවතුන් සමග කාලය ගත කරන යොවුන් බෲස්ලී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හැදෑරූ බව ද මූලාශ්‍ර වල සඳහන් වේ. මෙසේ කාලය ගත කරමින් සිටින අතරතුරදී බෲස්ලී 1964 වර්ෂයේදී පැවති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සටන් කලා පාසලක් විවෘත කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් වෙත පදිංචියට යන්නට ද විය.

"යමෙකුට ඕනෑම දෙයක් පිළි ගැනීමට ධෛර්යයක් තිබේ නම් වැරදිවලට සෑම විටම සමාව දිය හැකිය" ( බෲස්ලී )
බෲස්ලී සැලකෙන්නේ "ජිට් කුන්ඩෝ" නම් සටන් ක්‍රමයේ නිර්මාතෘ වශයෙන් වන අතර එය කුංෆු, බොක්සින්, කරාතේ ආදී සටන් ක්‍රම කිහිපයක සම්මිශ්‍රණයෙන් ගොඩ නැගුණු ඔහුටම ආවේණික වූ නව සටන් ක්‍රමයකි. එය සිය සටන් පාසල්වල ඉගැන්වමින් කාලය ගත කරන බෲස්ලී තම සටන් පාසල වෙත ශිෂ්‍යයින් ඇතුලත් කර ගැනීමේදී වඩාත් පරීක්ෂාකාරී වූ බව ද සැලකේ.
එසේ බඳවා ගත් සිසුන් අතරින් තම සිත් නොගත් සිසුන් මෙන්ම කැපවීම අඩු ශිෂ්‍යයින් ද සටන් පාසලෙන් ඉවත් කරන ලී එම නිසා පවුලේ ජීවිතය සහ තම පැවැත්ම සඳහා කොතෙක් මුදල් අවශ්‍යතා තිබුණ ද ඔහු කිසි විටෙකත් තමන්ගේ සටන් ශිල්පය මුදල් අවශ්‍යතා සඳහා පාවා නොදුන් පුද්ගලයකු බවට ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

1964 වර්ෂයේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ලෝං බීම් නම් තරඟාවලියේදී ඉදිරිපත් කර ඇති සටන් සංදර්ශන පටිගත කිරීමට එහි සංවිධායකයින් කටයුතු කරන අතර මෙයට සහභාගී වූ ලීගේ සටන් ක්‍රමයන් දැක මවිතයට පත් වූ එවකට රූපවාහිනී නිෂ්පාදකවරයකු වූ විලියම් ඩෝසියම් සහ බෲස්ලී අතර රූපවාහිනී නාට්‍ය මාලාවකට ගිවිසුම් අත්සන් කරන්නේ මේ අතරතුරය.
"ඔබ යම් දෙයක් ගැන සිතමින් වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබට එය කිසිදා ඉටු නොවනු ඇත" ( බෲස්ලී )
කෙසේ නමුත් 1964 වර්ෂය යනු ලීගේ ජීවිතයේ ඉතාමත් කඩ ඉම් වර්ෂයක් වන අතර ඔහුගේ කුළුඳුල් දරුවා ලෙස බ්‍රෙන්ඩන් ලී උපත ලබන්නේ මෙම වසරේදී ය. නමුත් බ්‍රෙන්ඩන් ලී ද 1994 වර්ෂයේ චිත්‍රපට රූපගත කිරීමක දී අවාසනාවන්ත ලෙස මිය ගියා යැයි සැලකේ. බ්‍රෙන්ඩන් ලී උපත ලබා දින කිහිපයකට පසු ලීගේ පියා මියයන අතර මින් ශෝකයට පත් වීම නිසා නැවතත් ඔහු හොංකොං බලා පිටත් වූවා යැයි සැලකේ.

නැවතත් ලොස් ඇන්ජලීස් හී කුඩා නිවසක පදිංචිට යන බෲස්ලී පවුල එහිදී ඔහු මුලින් ගිවිසුම්ගත වූ the green hornet රූපවාහිනී චිත්‍රපට මාලාවේ කොටස් කිහිපයක් රඟපාන්නට විය. මේ කාලයේදීම ලොස් ඇන්ජලීස් නුවර චයිනා ටවුන් හී සටන් පාසලක් ආරම්භ කිරීමට ද ලී අමතක කරන්නේ නැත.
ඔහුගේ සටන් ජීවිතයේ ඉතා ප්‍රසිද්ධ සටන් දර්ශනයක් වන අඟල් දෙකක් ඝණකම වූ එල්ලෙමින් තිබෙන ලෑල්ලක් පා පහරකින් කඩා දැමීමේ සංදර්ශනය ලී පවත්වන්නේ මේ කාලය තුලදීය. එය කිසිම සටන් ශිල්පියෙකු සිදු කිරීමට කැමති වූ සංදර්ශනයක් නොවන බව ද වාර්තා වේ.

මෙම සංදර්ශන වලදී බොහෝ පහරවල් විදුලි වේගයෙන් ප්‍රතිවාදියාගේ මුහුණට එල්ල කල ද මුහුණට අඟලක් හෝ ඊට අඩු දුරක් තිබියදී එම අකුණු සැර පහරවල් නවතා ගැනීමට තරම් ලී ඒ වන විට සුපිරි දක්ෂයකු වී සිටියේය. 1966 - 67 කාලයේදී the green hornet රූපවාහිනී චිත්‍ර පට මාලාවේ කතෝ නම් චරිතය රඟපාන ලී එමගින් නන්චක්කු භාවිතයට තමන් සතු අද්විතීය ප්‍රවීණත්වයට ප්‍රදර්ශනය කරන්නට විය.

නන්චක්කු භාවිතය සඳහා ලී කෙතරම් දක්ෂයකු ද යත් ඔහු එමගින් ටේබල් ටෙනිස් පවා සෙල්ලම්කරණු අප වීඩියෝ පට තුළින් දැක ඇත. සාමාන්‍යයෙන් මිනිස් ඇටයක් බිඳ හෙලීම සඳහා රාත්තල් අට හමාරක බලයක් අවශ්‍ය වන අතර ලී කරකවන විට නන්චක්කුවකින් ලැබෙන බලය රාත්තල් එකසිය හැටක් තරම් මාරාන්තික බලයකි. මෙම කාලය තුලදී here comes the bride, blondic, Iron side long streer නම් චිත්‍ර පට කිහිපයකම බෲස්ලී රඟ පා ඇතැයි ද මූලාශ්‍ර වල සඳහන් වේ.
"අසාර්ථකතවයට බිය නොවන්න. විශාල උත්සාහයකදී අසාර්ථකත්වය පවා තේජාන්විතයි" (බෲස්ලී)
මේ වන විට ඔස්කාර් සම්මානලාභී the podiden adventure හී කතා රචකයා වූ ස්ටර්න් සිලිෆන්ට් ද බෲස්ලීගේ ශිෂ්‍යයකු බවට පත්ව තිබූ අතර මේ අතරතුරදී ලීගේ දියණිය වන ෂෙනන් ලී ද සිය කැදැල්ලට එකතු වන්නට විය. කෙසේ නමුත් සුළු කාලයක් ගතවන විට ස්ටර්න් සිලිෆන්‍ට් විසින් ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු වූ ජේම්ස් කූබන් ලීට හඳුන්වා දෙන අතර මේ නිසා හොලිවුඩ් චිත්‍රපට වල සුළු චරිත රඟ පෑමට නැවතත් බෲස්ලී හට අවස්ථාව උදා වී ඇත.
නමුත් කිසිදාක හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟ පෑමට අවස්ථාව හිමි බොවූ බෲස්ලී ඉන් මහත් සිත් තැවුලට පත් ව නැවතත් 1972 දී හොංකොං බලා පැමිණි බව ඔහුගේ ජීවිත කතාව තුළ කියැවේ. සැබවින්ම ලීගේ ලෝක ප්‍රසිද්ධියට පත් ෆිස්ට් ඔෆ් ෆියුරි, එන්ටර් ද ඩ්‍රැගන්, වේ ඔෆ් ද ඩ්‍රැගන්, ද බිග් බොස් අදී සටන් චිත්‍රපට නිර්මාණය වන්නේ හොංකොං වලට පැමිණීමෙන් පසුවය.

ලී හොංකොං වලට පැමිණෙන විට ඔහු ඇමෙරිකාවේ දී රඟ පෑ චිත්‍රපට හොංකොංහී ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබූ අතර එම නිසා ලී හොංකොං වලට පිළිගන්නේ ඉතාමත් හරසර අයුරිනි. ඉන් පසුව ලී ප්‍රථම වරට ප්‍රධාන චරිතය රඟපාන ද බිග් බොස් චිත්‍රපටය හොංකොං හී ප්‍රදර්ශනය වන්නේ මුල්ම වටයේදීම ඩොලර් මිලියනයක් වූ ආදයම් වාර්තාවක් සමගින් ය. එය එවකට ඉහළම ආදයම් වාර්තාව තිබූ sound of music හී ආදයම් වාර්තාව මෙන් දෙගුණයකි.
මේ අතර The Chinese connection නම් චිත්‍ර පටයේ ද බෲස්ලී රඟපාන අතර හොංකොං හී මුඩුක්කුවක රූපගත කරන මෙම චිත්‍රපටය පළිගැනීමක් පිළිබඳ කතාවක් රැගත් චිත්‍රපටයක් විය. අසාධාරණයට සහ අවමානයට පත්ව සිටින චීන දුගී ජනතාව අතරේ බෲස්ලී වීරයකු බවට පත් වන්නේ මෙම චිත්‍රපටය තුළදීය. ඉන් පසුව "කකුල් තුනක් ඇති මිනිසා" යන අන්වර්ත නාමයෙන් ද බෲස්ලී හැඳින්වීමට චීන ජනතාව පෙළඹෙන අතර එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්‍රතිවාදීන් එක පාරින් බිම හෙලන ලීගේ අකුණු සැරැති පා පහරය.

"සතුටුවන්න. නමුත් කිසි විටෙකත් සෑහීමකට පත් නොවන්න" ( බෲස්ලී )
ඇමෙරිකාවේ දී ගෙවල් කුලිය ගෙවා ගැනීමට තරම් හැකියාවක් නොවූ ලී හොංකොං වෙත පැමිණීමෙන් පසු සිය බලාපොරොත්තු සියල්ල ඉටු කරගන්නට වූ අතර එම නිසා අධි පීඩනයකින් යුත් රසික ප්‍රජාවගේ ජනාදරය ලීට විටෙක හිසරදයක් වූ බව ද සැලකේ.
චීනයේ සිටින කාලයේදී ලී තමාටම Concorde production නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන අතර ඒ හරහා ඔහුගේ වේ ඔෆ් ද ඩ්‍රැගන් චිත්‍රපටය නිර්මාණය වූ අතර එය යුරෝපයේ ප්‍රදර්ශනය වූ ප්‍රථම හොංකොං චිත්‍රපටය ද විය.

ලොස් ඇන්ජලීස් හී ප්‍රවීණ කරාතේ ශූරයා වූ චක් නෝරිස් සමග ලී රඟපාන මෙම චිත්‍රපටය අදට ද නරඹන විට අපගේ ඇඟ හිරි වැටී යන්නේ එම සටන් ජවනිකා එතරම් තාත්වික සහ බිහිසුණු ඒවා වුන බැවිනි. විටෙක ලීගේ අධිවේගී අත් සහ පා පහරවල් කැමරාවට හසුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට ඉතා සෙමින් අත් සහ පා පහරවල් දියත් කිරීමට සිදු වූ බව ද වඩාත් ප්‍රසිද්ධ කරුණකි.
මේ අතර ලීගේ ඊ ළඟ චිත්‍රපටය වූ ගේම් ඔෆ් ඩෙත් සඳහා කතාවක් සිතමින් සිටින විටදී ඔහුට එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නට වූ අතර එපමණක් නොව ඉතාලිය සහ පෙරදිග චිත්‍රපට සමාගම් රාශියකින් ද චිත්‍රපට සඳහා ලීට ආරාධනා ගලා අවා යැයි මූලාශ්‍රවල කියැ වේ.

මේ අතර චිත්‍රපට සටන් ජවනිකා ඇස්බැන්දුම් යැයි විශ්වාස කළ ඇතැම් සටන් නළුවන් අවසනාවකට බෲස්ලී සමග මුහුණට මුහුණට සටනට පිවිසුණු අවස්ථාද වූ අතර ඔවුන් සියල්ල ලීගේ එකම පා පහරකින් ජීවිත කාලයටම මතක හිටින පාඩම් ඉගෙන ගත් බව ද ඉතිහාසයේ රසවත් තැන්වල සඳහන් වේ.
කෙසේ නමුත් ලීගේ අතිශයම සාර්ථක චිත්‍රපටය වූ එන්ටර් ද ඩ්‍රැගන් රූගත කිරීම ඔහුගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් විය. ඔහු මොළය ඉදිමීමේ රෝගී තත්වයකින් පෙලෙන බවට මුල් වරට අනාවරණය වූයේ චිත්‍රපටයේ අවසාන ජවනිකා රූගත කිරීම් කරමින් සිටින අතරතුරදී වන අතර ඉන් පසුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ලොස් ඇන්ජලීස් වලට යන ලී නැවත හොංකොං වෙත පැමිණ ගේම් ඔෆ් ඩෙත් චිත්‍රපටයේ රූගත කිරීම් අරඹන්නට විය.

ගේම් ඔෆ් ඩෙත් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ බෙට් පෙයි ගේ නිවසට ගොස් චිත්‍රපටයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සකච්ඡා කිරීමට චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ රේමන් මෞ සහ බෲස්ලී තීරණය කරන අතර නමුත් ඇයගේ නිවසට පිවිස මඳ වේලාවකින් ලීට තදබල හිසේ අමාරුවක් ඇති වූ බව සැලකේ.
ඉන් ඔසුව බෙට් පෙයි විසින් ඇයට වෛද්‍යවරයා ලබා දුන් වේදනා නාශක පෙත්‍තක් ලීට ලබා දෙන අතර නමුත් එය පානය කරන ලී 1973 ජූලි 20 වන දින ලොවක් හඬවා සිය ජීවන ගමට සමුදෙන්නට විය.
"මම බිය වන්නේ පහරවල් දහසක් ප්‍රගුණ කළ පුද්ගලයාට නොවේ. එක් පහරක් දහස් වතාවක් ප්‍රගුණ කළ පුද්ගලයාට ය" ( බෲස්ලී )

සැබවින්ම බෲස්ලීගේ මරණය අදටද සලකන්නේ ඉතාමත් අභිරහසක් ලෙසය. කෙසේ නමුත් ලීගේ මරණය සැක කළ වෛද්‍යවරුන් පරීක්ෂණ පවත්වන අතර එහිදී අවසාන නිගමනය වූයේ වේදනා නාශක පෙත්ත විෂ වීම හේතුවෙන් මොළයෙහි නහරක් පිපිරීමෙන් බෲස්ලී මියගිය බවය.
කෙසේ නමුත් සාමාන්‍යයෙන් මිනිසෙකුගේ මොළයෙහි බර ග්‍රෑම් 1400 ක් බවත් නමුත් ලීගේ මොළයෙහි බර ග්‍රෑම් 1575 ක් වූ බවත් ක්වීන් එලිසබෙත් රෝහලේ රෝග විනිශ්චය කිරීමේ වෛද්‍යවරුන් පවසා ඇත. මේ හැරෙන්නට නිතර නිතර අභ්‍යාසයේ යෙදීම නිසා පිට කොන්දේ ලීට ඇති වූ ආබාධ තත්වයකට ඔහු ගන්නා ලද ඉක්වජෙසික් නම් ඖෂධයේ විෂ වීමක් නිසා ලීගේ මරණය සිදුවන්නට ඇතැයි ද තවත් මතයක් ඇත.

ඒ අතර තවත් පිරිසක් පවසන්නේ බෲස්ලීගේ සටන් ශිල්පයට ඊර්ෂ්‍යා කළ අනෙකුත් සටන් ශිල්පීන් ඔහු සමග සටන්කොට ජයගත නොහැකි බැවින් හොර රහසේ වස ලබා දී මරණයට පත් කළ බවය. තවත් පිරිසක් පවසන්නේ ලීගේ පවුලට පවුල් සාපයක් ඇති බවත් එම නිසා ඔහු මරණයට පත් වූ බවත් ය. මෙම මතය ඉදිරිපත් කරන පිරිස පසු කාලයේ ලීගේ පුත්‍රයා වූ බ්‍රෙන්ඩල් ලීගේ මරණය ද උදාහරණ ලෙස ගෙනහැර දක්වයි.
"පහසු ජීවිතයක් සඳහා යාච්ඤා නොකරන්න. දුෂ්කර ජීවිතයක් විඳ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඤා කරන්න" (බෲස්ලී)
කෙසේ හෝ බෲස්ලී නම් ලෝකයේ අංක එකෙහි සටන් ශිල්පියා මරණයට පත් වී අදට වසර පනහක් සපිරෙන අතර වයස අවුරුදු 32 ක් තරම් වූ ඔහුගේ කුඩා ජීවිත කාලය තුළ ලී තැබූ ලෝක වාර්තා කිහිපයක් ගෙනහැර දක්වන්නේ නම්

කිලෝ ග්‍රෑම් හතලිස් පහක් බර වැලි කොට්ටයක් එක් පා පහරකින් ගසා කඩා දැමූ එකම පුද්ගලයා, නන්චක්කු භාවිතයෙන් රාත්තල් 160 ක බලයක් නිපදවිය හැකි එකම පුද්ගලයා ලීය. ඔහුට තත්පරයක් තුළදී නව වතාවක් අතින් පහර දිය හැකි අතර ඔහුගේ එක් පහරකට කිලෝ ග්‍රෑම් 75 ක් බර පුගලයකු මීටර් හයක් පමණ දුරකට විසිකළ හැකිය.
බෲස්ලීට රාත්තල් 350 ක පන්ච් බලයක් තිබූ අතර එම බලය බොක්සිං ශූර මොහොමඩ් අලීට සමාන වන නමුත් බෲස්ලී යනු මොහොමඩ් අලීගේ බරෙන් භාගයක් තරම් වූ බරකින් යුත් පුද්ගලයෙකි.
ලීට තත්පරයකදී හය වතාවක් පා පහරවල් එල්ල කළ හැකි යැයි සැලකෙන අතර ඔහු කිලෝ 135 ක් බර වැලි කොට්ටයක් එක් පා පහරකින් මීටර් පහක් පමණ උසකට විසි කිරීමේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.

එමෙන්ම ඩිප් ගැසීම සඳහා ද බෲස්ලී හා සම වන්නෙකු ලෝකයේ නැතැයි සැලකෙන අතර ඔහුට එක හුස්මට ඩිප් කිරීම් 1500 ක් කළ හැකිය. එක් අතකින් එක හුස්මට 400 ක් කළ හැකිය. ඇඟිලි දෙකකින් පමණක් 200 ක් කළ හැකි අතර මාපට ඇඟිල්ලෙන් පමණක් 100 ක් කළ හැකිය.
සැබවින්ම එම වාර්තා දෙස බලන විට අපට එකවර මැජික් යැයි සිතෙන්නට පුළුවන. ඒවා විශ්වාස කිරීමට පවා නොහැකි වෙන්නට පුළුවන. නමුත් බෲස්ලී මේ සියල්ල ඔප්පුකර පෙන්වා ඇතැයි ඉතිහාසයේ කියැ වේ.
කෙසේ නමුත් ලී සිය ජීවිතය තුළ සටන් කලාවත් සමග පහත සඳහන් සම්මාන රාශියක් දිනා ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ.

"ඔබේ මනස හිස් කරන්න. රූප රහිත වන්න. හැඩයක් නැති වතුර වගේ වන්න. ඔබ කෝප්පයකට වතුර දමන්න එවිට වතුර, කෝප්පයක් බවට පත් වේ. ඔබ බෝතලයකට වතුර දැමූ විට වතුර , බෝතලයක් බවට පත් වේ. ඔබ තේ පෝච්චියකට වතුර දැමූ විට වතුර, තේ පෝච්චියක් බවට පත් වේ. ජලයට ගලා යා හැකිය, එයට කඩාගෙන වැටිය හැකිය. වතුර වගේ වෙන්න මිත්‍රයා" (බෲස්ලී)
Bruce Lee's awards are that he won the 1958 Cha-Cha championship at 18
The 1964 Karate championship for his contribution to Karate.
May 2 1964 he won the commemorative exhibition award presented by Wally Jay and the Island Judo Jujitsu Club of Alameda, California in appreciation for his gung fu exhibition.
January 28, 1967 – Appears on the United Cerebral Palsy Telethon to help raise money for victims of the disease.
May 1967 – National Karate Championship Appreciation Award presented in appreciation of his participation.
1967 – Appreciation Award presented by Wally Jay and the Island Judo Jujitsu Club of Alameda, California.
June 1968 – National Karate Championship Award in appreciation of his participation as a guest judge.
May 1969 – National Karate Championship Appreciation Award in appreciation of his participation as a special guest.
May 1970 – National Karate Championship Appreciation Award in appreciation of his participation as the guest of honor.
October 30, 1970 – Awarded a “Golden Horse Award” for Best Mandarin Movie for the film Fist of Fury.
1972 – Inducted into Black Belt magazine’s Black Belt Hall of Fame.
1972 – Receives an award for being selected by the Hong Kong “Evening” Newspaper as one of the top ten movie stars.
June 1972 – Appears with son, Brandon, on Hong Kong TVB Operation Relief telethon to help raise funds to aid victims of a
recent typhoon in Hong Kong; makes a personal donation of $10,000 Hong Kong dollars.
March 12, 1973 – St. Francis trophy presented by the students of his Hong Kong alma mater for participation in St. Francis Xavier’s College Sports Day.
1974 – Inducted into Black Belt magazine’s Black Belt Hall of Fame for the second time as the Man of the Year / Martial Artist of the Year.
