Skip to content

Telegram වෙත ළගදීම එන Stories

Telegram හි CEO ලෙස කටයුතු කරන Pavel Durov ඊයේ (06/27) දිනයේදී දැනුම් දුන්නේ ජූලි මස මුල් භාගයේදී Telegram වෙත Stories නම් විශේෂාංගය හදුන්වාදෙන බවයි. මෙය WhatsApp (status), Instagram වැනි බොහෝ සමාජ මාධ්‍යන්හි දක්නට ලැබුණත්, මෙම තීරණය පරිශීලකයින්ගේ ඉල්ලීම නිසාවෙන් ගත් එකක් බව ඔහු පවසා සිටියා.

Telegram හි stories පළ කිරීමේදී එය දකින්නේ සියලුදෙනාමද, Contacts හි සිටින අයවලුන්ද, තෝරාගත් පිරිසක්ද නැතහොත් සමීපතමයින්ද යන වග තීරණය කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. Stories දර්ශනය වන්නේ Telegram හි ඉහළින් ඇති තීරුවක වන අතර එහි පළවන stories අතරින් ඕනෑම එකක් සගවා තැබීමේ පහසුකමක්ද ලබාදී ඇත.

කමන් විසින් පළකරනු ලබද stories තුළ පාඨයන් (captions) සහ links ඇතුළත් කිරීමද සිදුකළ හැකියි. ඊට අමතරව වෙනත් අයව tag කිරීමේ පහසුකමක්ද මේ සමග හදුන්වා දී ඇත. එසේ පළකරන stories, ඉවත් ව යා යුතු කාලය පැය 6, 12, 24 හෝ 48 ද යන්න ඔබට තීරණය කළ හැකියි. නැතහොත් Instagram හි ඇති Highlights නම් විශේෂාංගය මෙන් ඔබට අවශ්‍ය Stories ඔබගේ Profile පේජයෙහි දිගටම දර්ශනය කිරීමටද පහසුකම් සලස්වා ඇත. එමගින් ඔබගේ Telegram ගිණුම වර්ණවත් වනු ඇතැයි Durov පවසා සිටිනවා.

Whatsapp හි වූ, Telegram හි නොතිබූ ප්‍රධානතම අඩුපාඩුව වූ ඉහත කී status නොහොත් stories ළගදීම Telegram වෙත යාවත්කාලීන කිරීමක් ලෙස ඔබට ලැබෙනු ඇති.

0:00
/

Latest