වසර 30 ක යුද ගැටුම් හේතුවෙන් වවිධ අවස්ථාවන්හි වැසී ගොස් මේ වන විට නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කොට ඇති උතුරේ පාසල් සංවර්ධනය කිරීමට රජය විසින් පියවර ගෙන ඇතැයි උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය.

ආණ්ඩුකාරවරයි මේ බව පවසා සිටියේ රුපියල් ලක්ෂ 250 වියදමින් කිලිනොච්චිය පලෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පලෙයි මධ්‍ය මහා විද්‍යාලය යුද ගැටුම් හේතුවෙන් 2000 වසරේ සිට 2003 වසර දක්වාද ඉන් පසුව 2006 වසරේ සිට 2009 වසර දක්වාද සම්පූරණයෙන්ම වැසී ගොස් තිබුනු අතර යුද්දය හේතුවෙන් පාසලේ ගොඩනැගිලි වලටද දැඩි ලෙසින් හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත් යුද්දය අවසන් වීමෙන් පසුව 2010 වසරෙ සිට පලෙයි විද්‍යාලය නැවත විවෘත කොට අධ්‍යාපන කටයුතු ආරම්භ කල අතර පාසලට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්ද අවස්ථා කිහිපයකදී සංවර්ධනය විය.


කෙසේ වෙතත නව සම්මන්ත්‍රණ ශාලාව විවෘත්ත කිරීමේ අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ,
‘යුද්දය හෙතුවෙන් උතුරේ පාසල් රැසකට හානි සිදුවුනා මේ වන විට එම පාසල් සංවර්ධනය වෙමින් පවතිනවා එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයද දියුණු වෙමින් පවතිනවා එවැනි අවස්ථාවක පාසල්හි ගොඩනැගිලි පහසුකම් මෙන්ම තාක්ෂණික පහසුකම් ආදි අධ්‍යාපනික පහසුකම් ඉදිරියේදී ලබාදීමට රජය විසින් පයවර ගෙන තිබෙනවා යනුවෙනි.


