Skip to content

WhatsApp Video ‌නරඹන ඔබට ‘Standard Quality’ පහසුකම.

WhatsApp  භාවිතා කරන පරිශීලකයින් වෙනුවෙන් උසස් තත්වයේ වීඩියෝ ලබාගැනීම සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දීමට එම ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා..

ඒ අනුව WhatsApp පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ ඉතා සුපැහැදිලි වීඩියෝ යැවීමේ සහ නැරඹීමේ හැකියාව  මෙම නවතම විශේෂාංගය මගින් හිමිවෙන බවට එම ආයතනය නිවේදනය කොට සිටියි.

මේ විශේෂාංගය හරහා වීඩියෝ යැවීමේදී ‘Standard Quality’ ලෙස Option එකක් හඳුන්වා දී ඇති අතර විශාල ධාරිතාවකින් යුතු වීඩියෝ බෙදා ගැනීමේදී එහි තත්ත්වයට කිසිදු හානියක් සිදු නොවී එම ධාරිතාවයෙන්ම යවනු ලබන පුද්ගලයට නැරඹීමේ අවස්ථාව මෙයින් උදාවෙයි.

කෙසේවෙතත්, Android සහ iOS හරහා WhatsApp භාවිතා කරන්නන් සඳහා පමණක් මේ වන විට මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙයි.

Latest