ලංකාවේ ප්‍රථම පිළිකා රෝගීන් සඳහා වන ළමා රෝග නිවාරණ මධ්‍යස්ථානය ඊයේ (29) #අංක 63, රෝහල් පාර, මහරගම යන ස්ථානයේ දී විවෘත කෙරිණ.
උතුරු ඇමරිකාවේ බටහිර කලාපයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහයෙන් සහ ඉන්දිරා පිළිකා භාරය විසින් මෙම ව්‍යාප්‍රතිය මෙරටදී ක්‍රියාත්මක කර ඇත.
මහල් 6න් යුතු මෙම ළමා රෝග නිවාරන මධ්‍යස්ථානය රෝගීන් සඳහා කාඹර 32ක්ද, පියගැස්සෙහි උද්‍යානයක්, විශේෂිත මුළුතැන්ගෙයක් ඇතුළු අංගයන්ගෙන් සමන්විත වන අතර රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනුයේ මුලුමනින්ම නොමිලේ වීම විශේෂත්වයකි.
මහරගම අපේක්ෂා රෝහලේ සිට මීටර 50ක දුරින් මෙම ස්ථානය පිහිටා තිබෙන අතරම ළමා පිළිකා රෝගගීන් ට කායික, චෛතසික හා මානසික සුවය වර්ධනය වන සත්කාරයට උදව්දෙන සෑම අංශයක් ම ආවරණය වන පරිසරයක් ද සහිත වන ලෙස මෙය ඉදිකර ඇත. මෙහි දුරබැහැර සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන් ප්‍රතිකාර ලබන අතරතුර ඔවුන්ගේ දෙමාපියන්ටද නැවතී සිටීමේ පහසුකම් සලසා ඇත.
මෙම අවස්ථාව සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය , ආණ්ඩුකාර නවීන් දිසානායක, යුධ හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, අපේක්ෂා රෝහලේ නිලධාරීන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මෙන්ම සෞඛ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



