Skip to content

පිටරට පයිලට්ලාගෙන් හෝ Sri Lankan දුවවනවා..

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් හෝ ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණයෙන්ම ඉඩකඩ ලබාදෙන බවයි.

ගුවන් සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණය හා ගුවන් නියමුවන් ඉවත් වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

”තවමත් ගුවන් නියමුවන් 260ක පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඩුබායි හෝ සිංගප්පූරුවට ගියොත් විශාල වැටුපකට හිමිකම් කියයි. නමුත් ඒ රටවල ජීවන වියදම ඉහළයි. ඒ ගැනත් සංසන්දනය කරන්න. එවැනි සාධකත් බලපානු ලබනවා. අපි නව ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඇතැම් පිරිසකට මෙරට රැඳී සිටීමට අවශ්‍යයි. නමුත් ඔවුන් ඉවත් වුණොත් නව නියමුවන් විදේශ රටවලින් හෝ බඳවාගෙන ගුවන් සමාගම ඉදිරියටත් පවත්වාගෙන යනවා”.

Latest