Skip to content

කැනඩාවෙදි පෑදුන වාසනාව

කැනඩාවේ ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව ( OLG ) විසින් ජූනි හයවන දින දිනුම් අදින ලද ලොතරැයියේ Lotto max සුපිරි ත්‍යාගය දිනා ගැනීමට සමත්ව ඇත්තේ කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජේ. ජයසිංහ මහතා වන අතර ඔහු දිනා ඇති ත්‍යාගය ඇමරිකන් ඩොලර් මිලියන 35 ක් බව වාර්තා වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1000 කට අධික මුදලකි.

ත්‍යාගය දිනාගැනීමෙන් අණතුරුව ඔහු පවසා සිටින්නේ ටිකට් පතට අදාළ ත්‍යාග මුදල තිරයේ දිස් වූ විට ඔහුට අදහාගත නොහැකි වූ බව සහ ඔහු තම ටිකට් පත නැවත නැවතත් ස්කෑන් කර ඔහුගේ ත්‍යාග මුදලේ බිංදු ගණන ගණන් කළ බවය. එමෙන්ම සිය ජීවිතයේ ස්ථාවරත්වයක් ළඟා කර ගැනීම සඳහා කැනඩාවට පැමිණි බවත් සහ එය ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට සමත්වන තීරණයක් බව ඔහු දැන සිටිය ද මෙතරම් විශාල ජයග්‍රහණයක් අත් වේ යැයි ඔහු කිසි දිනක නොසිතූ බවය.

සිල්ලර වෙළෙඳ මහතෙකු ලෙස කටයුතු කරන ජයසිංහ මහතා තම පවුලට නව නිවසක් මිළදී ගැනීමට සහ සිය දියණියගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බොහෝ දුක් ගැහැට විඳි බවත් ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසුව එම කටයුතු සාර්ථක කරගත හැකි බවත් සහ ඔහු වඩාත් කැමැත්තක් දක්වන සංචාරක ගමන් සඳහා ඉදිරියේදී අපහසුතාවයකින් තොරව සහභාගී විය හැකි වව ද වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටී.

Latest