ශ්‍රී ලංකන් ගුවන් සමාගමද ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පවතින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
රජය වෙත 51%ක කොටස් අයිතිය තබාගෙන එය සිදුකරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙය විකිණීමක් නොවන බවද දැනුම් දිය යුතුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.
පවතින තත්ත්වය අනුව රැකියා 6,000ක් ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුව ඇති බවයි ඔහු පවසන්නේ.
''අපේ තියෙන ලෑන්ඩින් සයිස් ටික ආරක්ෂා කරන්න නම් 49%ක් පමණයි කොටස් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 51%ක් ශ්‍රී ලංකාවේ තියාගන්න ඕනේ. එහෙම තමා කරන්න යන්නේ. එහෙම නැතුව කරන්න ක්‍රමයක් නෑ. සාමාන්‍යයෙන් VIP පුද්ගලයින්ව දැඩි පරීක්ෂාවට ලක්වෙන්නේ නෑ. මේක ගතානුගතිකව තියෙන දෙයක්. එහෙම නම් කාලානුරූපීව අපිට ඕන නම් ප්‍රභූ පර්යන්තය රජය තීන්දුවක් ගන්නවා නම් අපිට නැතිකරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනේ නම් අහෝසි කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ කවුරුත් එකතුවෙලා කිව්වොත් ප්‍රභූ පර්යන්ත ඕනේ නෑ කියලා මම ඒකට එකඟයි.” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.