Skip to content

ශ්‍රීලංකා ක්‍රිකට් ලබපු ආදායම එලියට

2022 වසර තුලදී ලබාගන්නා ලද ආදායම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වසර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායම රුපියල් බිලියන 17.5ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 120ක වර්ධනයක් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේදී අදාළ ගිණුම් ප්‍රකාශය අනුමත කර ඇති බැවින් ක්‍රිකට ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව පවසා ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක් අතිරික්තයක්ද වාර්ථා කොට ඇති අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාකළ රුපියල් බිලියන 6.3ක අතිරික්තය ඉතිහාසයේ වාර්තාකළ ඉහළම අගය බවටය.

මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ, දේශීය ක්‍රිකට් තරඟ, අනුග්‍රාහක කොන්ත්‍රාත් සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

Latest