Skip to content

බංග්ලාදේශය සමග සටනට පිවිසෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය

එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියට තරග වදින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ඊයේ (28) නිකුත් කෙරුණා.

කණ්ඩායම් නායකත්වය චමරි අතපත්තු විසින් දරන අතර පළපුරුදු සහ නවක ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා සංචිතය සමන්විතයි.

21 දෙනෙකුගෙන් සමන්විත සංචිතය;

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යාංගනා, ප්‍රසාදිනී වීරක්කොඩි, තාරිකා සෙව්වන්දි, තාරිකා සෙව්යාන්දි, කාව්‍යා කාවින්දි, රෂ්මි සිල්වා, මල්ෂා ශෙහානි, ඉනෝකා ප්‍රනාන්දු, ඕෂදී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කවිෂා දිල්හාරි, සත්‍යා සංදීපනී, ඉමේෂා දුලානි

තරග කාලසටහන:


• අප්‍රේල් 29 – පළමු එක්දින තරගය
• මැයි 2 – දෙවැනි එක්දින තරගය
• මැයි 4 – තෙවැනි එක්දින තරගය
• මැයි 9 – පළමු විස්සයි විස්ස තරගය
• මැයි 11 – දෙවැනි විස්සයි විස්ස තරගය
• මැයි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය

එක්දින තරග තුන පී.සරවනමුත්තු පිටියේදිත් විස්සයි විස්ස තරග සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියෙදිත් පැවැත්වීමට නියමිතය.

- Waruna Sudantha Herath

Latest