Skip to content

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා ලබා දුන් පිළිතුර ඉතාම ප්‍රශ්නකාරී..

පසුගිය දිනක පාර්ලිමේන්තු කාරක සභාවකට පොලිසිය කැදවා තිබුණි . පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් රැසක් මෙයට සහභාගී වී ඇති අයුරු දැක ගැනීමට හැකි විය . එහිදී පහුගිය කාලය තුල ප්‍රශ්නකාරී කතාබහක් බවට පත්ව තිබූ කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතය සාකච්ජාවට භාජනය විය .


මෙහි දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සතුව තිබෙන කදුළු ගෑස් ගෙන්වූ කාලය / ගෙන්වීමට හේතු යන කරන ගැන කරුණු පැහැදිලි කල අතරම කල් ඉකුත් වූ කදුළු ගෑස් පාවිච්චි වූවාද ? යන ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා ලබා දුන් පිළිතුර ඉතාම ප්‍රශ්නකාරී..."කවුරු හරි කෙනෙක් කියනවා නම් කල් ඉකුත් වූ tear gas එකකින් මිනිහෙක්ව මරණයට පත් කරන්න පුළුවන් කියල , ඒක කියන කෙනා ඔප්පු කන්න ඕනා ""tear gas එකක් කල් ඉකුත් වෙනවා කියන්නේ එකේ effectiveness එක නැති වෙලා යනවා . ඒ නිසා තමා අපි දැක්කේ සමහර නිලධාරීන් tear gas අතේ තියන්ගෙන ඉන්නවා , කල් ඉකුත් වුනා කියන එක ගැටළුවක් නෙවේ "


පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මේ ප්‍රකාශය අපි බැහැර කල යුත්තේ කෙසේද ?? ගෝලීය වශයෙන් සෙනග පාලනය කිරීමට ආරක්ෂක ආයතන කදුළු ගෑස් භාවිත කරන නමුත් , බරපතල සෞඛ්‍ය උවදුරු ඇති කරන කදුළු ගෑස් කැරලි පාලනය කිරීම සදහා සුදුසුද යන්න පිලිබදව විවාදාත්මක තත්වයක් ලොව පුරා ඇතිව තිබේ .රසායනික ද්‍රව්‍යවල සංයුතිය මත පදනම්ව, පොලිසිය භාවිතා කරන්නේ කඳුළු ගෑස් කැනිස්ටර් වර්ග දෙකක් පමණයි .. ඒ CS කඳුළු ගෑස් සහ CN කඳුළු ගෑස්. ජෛව රසායන තොරතුරු සඳහා වන එක්සත් ජනපදයේ ජාතික මධ්‍යස්ථානය විසින් විස්තර කරන ලද පරිදි, CS වායුව aerosol එකක් වන අතර එය වාතයේ විසිරී ගොස් ටික වේලාවකට පසු පැතිරෙයි. CN වායුව CS වලට වඩා මාරාන්තික ලෙස සැලකේ. එහි විෂ සහිත බලපෑම් සැලකිල්ලට ගනිමින් බොහෝ රටවල් 1959 සිට CN වායුව වෙනුවට CS වායුව ආදේශ කිරීමට පටන් ගෙන ඇත.


පාරිසරික විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ සඟරාවට අනුව 1993 රසායනික අවි සම්මුතිය CN වායුව භාවිතය තහනම්කළේය. නමුත් එහි භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර නැත.


කෙසේ වෙතත් විශේෂඥයන් පවසන්නේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් වඩාත් මාරාන්තික වන අතර , “සාමාන්‍යයෙන්, රසායනික ද්‍රව්‍ය දිගු කාලයක් ගබඩා කළ විට, එය පෙර පැවති ස්වරූපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන බවයි .
කඳුළු ගෑස් රබර් හෝ ප්ලාස්ටික් තුළ තබා ඇති බැවින් එය බාහිර ද්‍රව්‍ය සමඟ සම්බන්ධ නොවන්නේ නම් එය ප්‍රතික්‍රියාශීලී නොවේ.

නමුත්  එහි කාර්යක්ෂමතාව දිගු කලක් භාවිතා නොකළ විට ස්වයංක්රීයව දුර්වල වන අතරම,  දුර්වල කාර්යක්ෂමතාවය ඕනෑම රසායනිකයක වඩාත්ම මාරාන්තික අංගයක් බවයි මේ ගැන තව දුරටත් අදහස් දැක්වෙන්නේ .


මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විදියට හදුන්වන කදුළු ගෑස් භාවිතය තුලින් සදාකාලික අන්ධභාවය / රසායනික පිළිස්සීම් / ගබ්සා වීම් / ඇදුම රෝගීන්ගේ තත්වය මාරාන්තික වීම / වලිප්පුව සේම කැනිස්ටර් සෘජුවම වැදීම තුලින් මරණයට පවා ලක් විය හැක. මේ ආකාර තුවාලවීම්,  මරණයන් අපට පහුගිය කාලය තුල නොඅඩුව දක්නට ලැබුනු බවද මතක් කරමි.


එබැවින් " රසායනික අවි සම්මුතිය "යටතේ යුද්ධයකදී පවා තහනම් කරන ලද කදුළු ගෑස් භාවිතය සාධාරණිය කරන මහජන ආරක්ෂක පොලිසියක් තිබීම සහ anti terrorist act යටතේ එවැන්නන් හට බලය ලබා දීම තුල පුරවැසියන් සැබවින්ම ආරක්ශිතද යන ගැටලුව නැවත නැවතත් සමාජය තුල කතා කල යුතු නොවේද?

Latest