සමහරවිට යම් යම් මාතෘකා සම්බන්ධයෙන් සමාජය බොහෝ සෙයින් කැළඹී ඇති විට එය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී අදහසක් සමාජගත කිරීම ඉතා අපහසුය. බොහෝ විට ඒ සම්බන්ධයෙන් යම් අයෙකු වෙනත් අදහසක් රැගෙන එන්නේ නම් ඔහුගේ අදහස කුණු කූඩයට විසිවනු අපට බොහෝ විට නිරීක්ෂණය කළ හැකිය.
ඡන්දය නම් මාතෘකාව ද එවැන්නකි. ජලය බොර වී ඇති විට ඇතුළත තිබෙන දේ නොපෙනෙන්නා සේ සමාජය කැළඹී ඇති විට ද ඇතුළත තිබෙන දේ නොපෙනේ. ඒ සම්බන්ධයෙන් වෙනත් අදහසක් සමාජ ගත කළ නොහැක. නමුත් මේ වන විට ඡන්දය නම් මාතෘකාව සම්බන්ධයෙන් සමාජය තරමක් සන්සුන් ය. එම නිසා එහි ඇතුළත් ඇති දේ සොයා පාදා ගැනීමට අවස්ථාවක් උදාකරගත හැකිය.
2023 වර්ෂය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් වූයේ පළාත් පාලන ඡන්දයයි. එක් පිරිසක් ඡන්දය පැවැත්විය යුතුය යන අදහස ගෙනහැර දැක් වූ අතර තවත් පිරිසක් ඡන්දය පැවැත්විය නොහැකි යැයි යනුවෙන් පවසා එයට හේතු පාඨ දක්වනු ලැබීය. ඒ අතර පළාත් පාලන ඡන්දය නම් එම සාකච්ඡාව මේ වනවිට ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා විස්තීර්ණ වී ඇත.
කෙසේ නමුත් මෙම සාකච්ඡා අතරතුර මීට මාස කිහිපයකට පෙර getpeakonline අප වාර්තා කර සිටියේ "පිච් එක හොඳ වෙනකන් මැච් එක නැත" යනුවෙනි. එය සැබෑවක් වෙමින් ඡන්ද විමසීමක් පිළිබඳව කොතෙකුත් සාකච්ඡා තිබුණ ද ඡන්දය දිගින් දිගටම කල් ගිය අතර ඒ පිළිබඳව තවදු ඉඟියක් හෝ නැත.
ඉදින් එම නිසා මෙවැනි පසුබිමක් තුළ අප අවධානයට ලක් කළ යුතු විශේෂ කරුණක් ඇති අතර එය නම් "ඡන්ද කල් දාපු රටවලට මොකක්ද වෙන්නේ" යන්නය. එය ඉතාමත් වැදගත් කරුණකි. කෙසේ නමුත් එය සොයා බැලීමට ලෝකයෙන් අපට ගත හැකි හොඳම උදාහරණය වන්නේ කොංගෝ රාජ්‍ය වන අතර ශ්‍රී ලංකාව ද යමින් සිටින්නේ එවැනි තත්වයකට වන බැවින් කල් ඇතිව මේ පිළිබඳව දැන සිටීම වටී යැයි සිතේ.

කොංගෝ රාජ්‍ය යනු මධ්‍යම අප්‍රිකානු රටක් වන අතර අප බොහෝ විට පරිසරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට කොංගෝ නදිය හේතුවෙන් කොංගෝ රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරණු විනා එම රට අපේ සාකච්ඡා තුළ සොයා සපයා ගැනීම ඉතාම අපහසුය. ඉදින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන් සැලකෙන කොංගෝ රාජ්‍යය 2001 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පාලනය කරන ලද්දේ ජෝසෆ් කබීල නම් ජනාධිපතිවරයා විසිනි.
ජෝසෆ් කබීලා සිය ධූරකාලය දරන කාල සීමාව තුළදී විශේෂයෙන් වසර දෙකක් එනම් 2016 සිට 2018 දක්වා නොයෙකුත් හේතු සාධක කියමින් පැවැත්වීමට තිබූ මැතිවරණයක් කල් දැමීමට කටයුතු කළ අතර ඔහු සම්බන්ධයෙන් ඉතිහාසයේ ලියවී ඇති ප්‍රධාන පරිච්ඡේදයකි ඒ. මේ ඒ පිළිබඳව කතාවයි.
"History repeat it self " නම් ප්‍රසිද්ධ වාක්‍යයක් පවතිනවා ඔබ අසා ඇතැයි සිතන අතර සැබවින්ම ජෝසෆ් කබීලා ඡන්ද කල් දැමීමට දැක්වූ හේතු පාඨ සහ ඒත් සමඟම ශ්‍රී ලංකාව දෙස හැරී බලනවිට History repeat it self නම් වාක්‍යය නැවත නැවතත් සිහියට නැගේ. මන් ද කබීලා ද සිය මැතිවරණ කල් දැමීම සඳහා ගෙනහැර දැක් වූ ප්‍රධාන හේතු පාඨය වූයේ " ඡන්ද තියන්න සල්ලි නෑ " යන්නය.

කෙසේ නමුත් ජෝසෆ් කබීලා කොංගෝවේ ජනාධිපති බවට පත් වන්නේ ඔහුගේ පියා වූ ලෝරන් කබීලාගේ මරණින් පසුව වන අතර ලෝරන් කබීලාගේ මරණය සම්බන්ධයෙන් ද ජෝසෆ් කබීලා වන පුතු දෙසට සැක සංකා එල්ල වී තිබේ. එමෙන්ම එලෙස බලන විට තුන්වන ලෝකයේ බොහෝ රටවල සේම කොංගෝවේද ඇත්තේ පවුල් පාලනයකි.
රටේ ජනාධිපති බවට පත් වීමෙන් පසුව ඔහු ප්‍රථම වරට 2006 වර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි ඔහු හැඳින් වූ මැතිවරණයක් පවත්වන අතර එයින්ද ඔහු ජනධිපති වශයෙන් තේරී පත්වන්නට විය. කෙසේ නමුත් මැතිවරණ නිරීක්ෂකයින් සහ විරුද්ධ අපේක්ෂයකයින් දිගින් දිගටම කබීලට චෝදනා කර පැවැත් වූ මැතිවරණය ඉතාමත් දූෂිත එකක් වූ බව ප්‍රකාශ කරන්නට විය.
නමුත් ජෝසෆ් කබීලා ජනාධිපති දූරයට පත් වූ මුල් කාලයේදී කොංගෝ ජනතාවගෙන් පැසසුම් ලැබූ නායකයෙකි. පැවති යුධ ගැටුම් නිමා කිරීමට සහ රටට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මෙයට හේතු වූ අතර නමුත් කල් යත්ම කබීලා පැවති ජනතා සහයෝගය ක්‍රම ක්‍රමයෙන් නැතිකර ගන්නට විය.
කෙසේ නමුත් ව්‍යවස්ථාව අනුව කොංගෝවේ ජනාධිපතිවරයෙකු වශයෙන් යමෙකුට පත්විය හැක්කේ දෙපාරක් පමණක් වන අතර ඒ අනුව ජෝසෆ් කබීලා හට ඊ ළඟ දුර කාලය සඳහා පත් වීමටනම් මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණේ 2016 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දීය. නමුත් පවුල් පාලනය හේතුවෙන් එන්න එන්නම මේ වන විට කබීලා හට තිබූ ජනතා ආකර්ෂණය නැත්තටම නැති වී තිබුණි. ජනප්‍රිය භාෂාවෙන් පවසන්නේ නම් " ඒ වනවිට මැච් එක සෙල්ලම් කිරීම සඳහා පිච් එක හොඳ මට්ටමක තිබුණේ නැත ".
දේශපාලන විචාරකයින් පවසන්නේ මේ තත්වය ඉතා හොඳින් මුල සිටම දැනගෙන වුන් ජෝසෆ් කබීලා මුල සිටම මැතිවරණයක් සඳහා කිසි ලෙසකත් සූදානම් නොවුණු බවය. විචාරකයින්‍ට අනුව ඔහුට එල්ල වූ පළවන චෝදනාව වන්නේ මැතිවරණය සඳහා ඡන්ද අයදුම් කරුවන් කැඳ වීම, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, මැතිවරණ කටයුතු සඳහා නිළධාරීන් සූදානම් කිරීම වැනි මූලික මැතිවරණ කටයුතු හෝ සිදු නොකළ බවය. ඒ සඳහා යම් පමණකට හෝ උත්සාහ කලත් එයද සිදුව ඇත්තේ ඉතාමත් මන්දගාමී අයුරින් බවට කබීලා හට චෝදනා එල්ල වේ.

ඒ අනුව මැතිවරණය කල් දැමීම සඳහා පළමු පියවර වශයෙන් ඔහු එලෙස කටයුතු කරන්නට වූ අතර දෙවැනි පියවර වශයෙන් ඡන්දය පැවැත්වීමට තිබූ දෙසැම්බර් මස ආසන්න වන විට කබීලා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නට වූයේ මේ වන විට රටේ ඡන්ද දායකයින් නිසිලෙස ලියාපදිංචි කර නොමැති බවත්, ප්‍රධාන වශයෙන් ඡන්දය පැවැත්වීමට රටේ මූදල් නොමැති බවත් සහ අනික රටේ ජනතාව ජනාධිපතිවරයා සමග සිටින නිසා ඡන්දයක් මේ මොහොතේ අවශ්‍ය නොමැති බවත් ය. මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ 2016 සැප්තැම්බර් මාසයේදී ය.
මෙම ප්‍රකාශයෙන් පසුව කොංගෝ රාජ්‍යයේ ජනතාව පාරට බසින්ට වූ අතර ඔවුන් උද්ඝෝෂණය කරමින්, මාර්ග අවහිර කරමින් සහ හර්තාල් ව්‍යාපාර දියත් කරමින් සිය අප්‍රසාදය පල කරන්නට විය. ඉදින් කබිලා මේ අවස්ථාවේ සිදුකරන්නට වූයේ සිය මිලිටරි බලය යොදමින් සියළු විරෝධතා මැඩපැවැත්වීමට උත්සාහ ගැනීමය.
ඉන් පසුව මේ කිසිදු දෙයක් නොදන්නා ලෙස කබීලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට වූයේ නොවැම්බර් මස වන විට ඔහු ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පත් කරන බවය. එසේ කොමිෂන් සභාවක් ද පත් කල අතර නමුත් කබීලාට හිතවත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙස දුටු විරුද්ධ පක්ෂ සහ ජනතාව නැවත සිය විරෝධතාව පල කරන්නට විය.
කබීලා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා තවත් උපායක් කල්පනා කරමින් නැවතත් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන්නට වූයේ කොංගෝ රාජ්‍ය ඉතා විශාල රටක් වන බැවින් ඡන්දය පැවැත්වීම සඳහා නව ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවය. මැතිවරණ කොමිෂන් සභාව ද ජනතාව ඉදිරියේ එලෙසම ප්‍රකාශ කරන්නට විය.

දිගින් දිගටම ආණ්ඩුවේ තීරණවලට උරණ වූ ජනතාව පාරට බසින්නට වූ අතර ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී ඇති බලය ලබා දෙන්න යැයි ඔවුන් උද්ඝෝෂණය කරන්නට විය. ඉන් පසු කබීලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට වූයේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට තීරණයක් ගත නොහැකි බවත් එය මැතිවරණ කොමිෂන් සභාවේ තීරණයක් වන බවය. නමුත් එවකට විදෙස් මාධ්‍ය සහ දේශපාලන විචාරකයින් දැක් වූ අදහස් පිරික්සා බැලීමේදී පෙනී යන්නේ අදාළ මැතිවරණ කොමිෂන් සභාව සම්පූර්ණ වශයෙන් හැසිරවූයේ කබීලා ජනාධිපතිවරයාම බවය.
දිගින් දිගටම ඇති වූ මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් කොංගෝවේ විරුද්ධ පක්ෂ කල්පනා කරන්නට වූයේ සියල්ලටම ප්‍රථම අදාළ මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කරගත යුතු බවය. ඉදින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශව සහ විරුද්ධ පාර්ශව අතර සාකච්ඡා සිදු වීම ආරම්භ වූ අතර ඒ හේතුවෙන් ද මැතිවරණය දිගින් දිගටම කල් යන ලදී. History repeat it self .
මාස හයක් පමණ දික් ගැසුණු මෙම සාකච්ඡා වලින් අනතුරුව විරුද්ධ පක්ෂ ද මැතිවරණය වසරකින් කල් දැමීමට එකඟ වන ලදී. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සංයුතියේ වෙනස් කර ගැනීමට හැකි වූයේ ඉතාම සුළු වෙනසක් පමණි. මේ ආකාරයට දිගින් දිගටම සාකච්ඡා කරන අතර ඉතා සුළු වෙනසක් කරයි. සාකච්ඡා කරයි , ඉතා සුළු වෙනසක් කරයි. ඉදින් වසර දෙකක් තිස්සේ මෙම ක්‍රියාවලිය මේ ආකාරයටම සිදු වන්නට විය. ( 2016 - 2018 )

ජනාධිපතිවරයා වශයෙන් ජෝෂ්ප් කබීලා වසර දෙකක් තිස්සේ සිය අභිලාෂය සාක්ෂරාත් කර ගැනීමට සමත් වූ නමුත් කොංගෝ රාජ්‍යයට මේ කාලය ඇතුළද කුමක්ද සිදු වූයේ. වැදගත්වන ඊ ළඟ කරුණ නම් එයයි.

ප්‍රාධාන වශයෙන් පැවති මෙම තත්වය නිසා කොංගෝ රාජ්‍යයේ 2016 වර්ෂයේදී ආර්ථිකය අති විශාල ලෙස කඩා වැටෙන්නට විය. එවකට 7% ක පමණ තිබූ ආර්ථික වර්ධන වේගය මේ කාලය තුළදී 2.40% දක්වා අඩුවන්නට විය. ඉන් පසුව ආර්ථිකය පැවති තත්වයට නැවත ගැනීම සඳහා කොංගෝ රාජ්‍යයට වසර තුනක් ගත වූ අතර කිසියම් රටක දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී එය නැවත ගොඩ නැගීමට විශාල කාලයක් ගත වන්නා සේ ඊට සමගාමීව ආර්ථිකය ගොඩ නැගීමට ද විශාල කාලයක් ගත වන්නට විය.
එමෙන්ම මෙවැනි තත්වයක් තුළ ප්‍රජාව හට රාජ්‍ය ක්‍රමය සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිඳ වැටීමේ තත්වය කොංගෝ රාජ්‍යයට ද එලෙසම උදාවන්නට විය. මෙම විශ්වාසය බිඳ වැටීම දූෂණයට ඉතාම හොඳ තත්වයක් වන අතර එම නිසා දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම කාලය තුළ දී කොංගෝ රාජ්‍යයේ දූෂණය ද විශාල වශයෙන් ඉහළ ගිය බවය. එලෙස කොංගෝ රාජ්‍යයේ දූෂණය ඉහළ ගොස් ඇති ආකාරය පහත රූප සටහන මඟින් පැහැදිලි කරගත හැකිය.

කෙසේ නමුත් ඔබට මේ වන වන විට එක් ප්‍රශ්නයක් ගොඩ නැගී ඇත. එය නම් ඉදින් ජෝෂප් කබීලා කෙසේ හෝ මැතිවරණයක් පැවැත්වූයේ නැති ද යන්නය.
දිගින් දිගටම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් විශාල පීඩනයක් ජෝෂප් කබීලා හට එල්ල්වන්නට වූ අතර ජනතාව ඇතුළු විරුද්ධ පක්ෂ ද දිගින් දිගටම සිය විරෝධතා දියත් කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස කබීලා ජනාධිපතිවරයා හට නැවත ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට නොහැකි තත්වයක් උදා නොවෙමින් නමුත් 2018 වසරේ පැවති මැතිවරණය මගින් ඔහුගේම අනුගාමිකයකු වූ ෆීලික්ස් නම් අපේක්ෂකයකු ජනාධිපතිවරයා වශයෙන් පත් වන්නට විය.

නමුත් ෆීලික්ස් ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ද දහසකුත් වූ විවේචන විරුද්ධ පක්ෂවලින් එල්ල වූ අතර ඔවුන් ප්‍රධාන වශයෙන් කියා සිටියේ කබීලා ජනාධිපතිවරයාගේ අනුගාමිකයකු ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට එරට ජනතාව කිසි ලෙසකත් සූදානම් නොවූ බවය. අදටත් ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ ඔහුය.
කෙසේ නමුත් පැවති මෙම කාල වකවානුවෙන් පසුව කොංගෝ රාජ්‍යයේ ආර්ථික වර්ධන වේගයක් ද අපට හඳුනාගත හැකිය.

සැබවින්ම කොංගෝ රාජ්‍යයේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිතව පැණනැගුණු ගැටළු ඔබ වෙත ගෙන ඒමට ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ ද කිසිදු වෙනසක් නැතිව ක්‍රියාත්මක වන්නේ කොංගෝවේ පැවති එම තත්වයම වන නිසාය. ඉදින් රටක් වශයෙන් අප යමින් සිටින්නේ කොංගෝව ගිය අඩි පහරෙහි වන අතර යම් හෙයකින් අප රටට ද අනාගතයේදී එවැනි තත්වයක් උදාවිය හැකි බව අප මතක තබා ගත යුතුය.
එමෙන්ම අප රටේ මැතිවරණ කල් දැමීමේ උපාය මාර්ගවල සැබෑ තත්වය , සැබෑ අරමුණ පිළිබඳව කොංගෝ රාජ්‍ය දෙස බැලීමෙන් යම් අවබෝධයක් ද අපට ලබාගත හැකිය. සැබවින්ම එම අවබෝධය වටී. මන්ද අප අනාගතයේ වලකට වැටෙන්නට නියමිතනම් දැන දැනම වලකට වැටීම විටෙක හිත හදා ගැනීමට හේතුවක් කරගත හැකි බැවිණි. ඉදින් අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට එකම එක දෙයක් ඇත. එයනම්
History repeat it self , first as strategie the second as farce