Skip to content

ශ්‍රී ලංකාව තරමක් අසීරු තත්වයක

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඉතා වැදගත් තරඟයක් මේ වන විට ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ සිම්බාබ්වේ බුලවායෝහීදී පැවැත්වෙන අතර ගැටළුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරමක් අසීරු තත්වයකට පත්ව තිබීමය.

ස්කොට්ලන්ත ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරඟවල මෙන් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර දිමුත් කරුණාරත්න හට ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි. කුසල් මෙන්ඩිස් ද පෙර තරඟයේ මෙන් නැවතත් අසාර්ථක වෙමින් ලකුණු 1 කට දැවී ගියේය. මෙතෙක් වේලා පිටියේ ස්ථාවරව සිටි පැතුම් නිස්ශංකද ලකුණු 75 කට දැවී යන්නට විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 186 ක් ලබා සිටී. පන්දුවට පහරදෙමින් සිටින් චරිත් අසලංක ලකුණු 55 ක් සහ ද ධනංජය ද සිල්වා ලකුණු 16 ක් ලබා සිටින අතර ගැටළුව වී ඇත්තේ දළ ලකුණු වේගය තරමක් මන්දගාමී වීමය. දළ ලකුණු වේගය පන්දුවාරයකට 5 ක් පමණ වේ.

කෙසේ නමුත් මෙම තරඟය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේ මෙම තරඟයේ දී හිමිවන ප්‍රසාද ලකුණු super six වටයට රැගෙන යන බැවිනි.

Latest