Skip to content

දුනු විදීමෙන් ඉන්දියාව තැබු ලෝක වාර්ථාව ශ්‍රි ලංකාව බිඳ දමයි

දුනුවායන් 100 දෙනකු යොදවා විනාඩි 90 දි ඊතල 17,000 විදීමින් ඉන්දියාව තබා තිබු ලෝක වාර්ථාව දුනුවායන් 128 යොදවා විනාඩි 100 තුල ඊතල 30,000 විද නව ලෝක වාර්ථාවක් තැබීමට ශ්‍රී ලංකා දුනුවායන් 16 දා සමත්වෙයි සැජිටේරියන් දුනු විදීමේ ක්‍රීඩා සමාජය හා රේස් කෝස් දුනු විදීමේ සමාගමේ ක්‍රිඩකයන් දුන්නෙන් විදීමට සහභාගිවි සිටියහ. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ තිබු දුනු විදීමේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් කමල් ගුනරත්න මහතා ද සහභාගිවිය.

ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කල ලෝක වාර්ථා පිහිටුවීමේ සහතිකය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුනරත්න මහතා වෙත පිරිනමනු ලැබීය.

ලෝක වාර්ථා සහතිකය ආරක්ෂක ලේකම් අතට පිරිනැමීම

                                             

Latest