Skip to content

නවසීලන්තයට එරෙහිව අවසන් කාන්තා T20 තරඟය ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ඨ ජයක්

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අද පැවති තුන්වන සහ අවසාන T20 තරඟය කඩුලු 10කින්  ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම සමත්විය. ඒ අනුව තරඟ තුනකින් සමන්විත වූ T20 තරඟාවලිය 2- 1  ලෙස ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූහ.

තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරී අතපත්තු විසින් දිනා ගත් අතර ඇය විසින්  මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඇරයුම් කෙරිණ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ  පළමු කඩුල්ල ලකුණු 43දී දවා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. ඒ ඉනෝකා රණවීරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් Isabella Gaze ලකුණු 13ට ක්ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමෙනි.

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලකුණු 65කදී දවාගත් ශ්‍රී ලංකා කාන්තාවෝ යම් ස්ථාවරයක සිටි නවසීලන්ත ආරම්භ පිතිකාරිනී Suzie Bates (37) තෙවන කඩුල්ල ලෙස දවාගැනීමට සමත්විය.

නායක Sophie Devine පන්දු 25ක් තුල වේගවත් ලකුණු 46ක් රැස් කලද සෙසු පිතිකාරිනියන් කිසිවෙකුටත් සාර්ථක වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවස්ථාව ලබා නොදුන්හ. එහෙයින් ඇයගේ ලකුණු එම ඉනිමේ ඉහලම ලකුණු සංඛ්‍යාව විය.

ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායමට මෙම තරඟයේ සිය පන්දු ඕවර 20 තුළදී ලබා ගත හැකි හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් පමණි.

Cr - Getty Images 

ජයග්‍රාහී ලකුණු 141ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු ලකුණු 50 ලබා ගැනීමට වැය කලේ පන්දු ඕවර 4.2ක් පමණි. මෙහිදී පළමු තරග දෙකේදී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ නායක චමරි අතපත්තු වේගවත් පිති හරඹයක් දියත් කළහ. එහිදී ඇය තව දුරටත් තම දක්ෂතා ලොවට පෙන්වමින් ලකුණු 80 (47) ලබා ගත්තේය. මෙහිදී  සිය අර්ධ ශතකය ලබා ගැනීමට ඇය වැය කලේ පන්දු 25ක් පමණි.

චමරී සමඟ අනික් අන්තයේ ක්‍රීඩා කල ආරම්භක පිතිකාරිනී සිය නායිකාව ට මනා සහායක් ලබා දෙමින් 15 වන පන්දු ඕවරයේදී තරඟය ජයග්‍රහණය කරා යොමුකර වූයේ සිය අර්ධ ශතකයට තවත් එක් ලකුණක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 143ක් ලබා මෙම තරඟය විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කළේය.

මෙහිදී තරගයේ වීරයා සම්මානය චමරී අතපත්තු දිනාගත් අතරම තරඟාවලියේ වීරයා සම්මානය නවසීලන්ත ක්‍රීඩිකා Suzie Bates දිනා ගත්තේය .

Latest