Skip to content

මොකක්ද මේ ස්ප්‍රින්ට් රේස් එක?

ෆෝමියුලා 1 (F1) ප්‍රේක්ෂකයින්ට මාසයක නිවාඩුවකින් පස්සේ ආපහු රේස් බලන සතිඅන්තය උදා වෙනවා. නිවාඩුවෙන් පස්සේ අසර්බයිජානයේ, බාකුවල තමයි රේස් එක තියෙන්නේ. ඒ වගේම 2023 ⁣සීසන් එකේ පළවැනි වතාවට ස්ප්‍රින්ට් රේස් එකත් තියන්න නියමිතයි.

ස්ප්‍රින්ට් රේස්

2021 පළමු වතාවට ගෝන්ප්‍රී, ප්‍රධාන ඉසව්වට අමතරව හඳුන්වලා දුන්නු ස්ප්‍රින්ට් රේස් එක වෙන්නේ කොහොමද කියළා ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මෙදා පාර වෙනස්කම් කීපයකුත් එක්ක තමා වැඩේ වෙන්නේ. ගිය අවුරුද්දේ ස්ප්‍රින්ට් රේස් තුනක් තිබුණා. මේ වතාවේ බාකු හැරෙන්න තවත් සර්කිට් පහක ස්ප්‍රින්ට් රේස් තියන්න නියමිතයි.

නොදන්න අයට දැනගන්න කියනවනම් ස්ප්‍රින්ට් රේස් එක කියන්නේ ගෝන්ප්‍රී, මේන් ඉවෙන්ට් එකට කලින් තියෙන කිලෝමීටර් 100ක නොනවත්වා ධාවනය වෙන රේස් එකක්. ඒ කියන්නේ පිට්ස්ටොප් මොකුත් නෑ. කාර් එකේ මොකක්ම හරි අවුලක් ආවොත් එළියට යෑම හැර විකල්පයක් නෑ. රේස් එක ඉවර වුණාම පළවෙනි අට⁣දෙනාට පොයින්ට්ස් ලැබෙනවා. 8,7,6,5.... ආදි වශයෙන් පළවෙනියගේ ඉඳන් අටවෙනියා දක්වා. ඒ පොයින්ට්ස් ඩ්‍රයිවර් චැම්පියන්ෂිප් එකට වගේම කන්ස්ට්‍රක්ටර් චැම්පියන්ෂිප් එකටත් ඇඩ් වෙනවා.

කවදද පළවෙනි ස්ප්‍රින්ට් රේස් එක තියෙන්නේ?

සෙනසුරාදා උදේ ලංකාවේ වෙලාවෙන් 11.00 ට ස්ප්‍රින්ට් ෂුට්අවුට් එක තියෙනවා. ඒ කියන්නේ ස්ප්‍රින්ට් රේස් එකේ ග්‍රිඩ් පොෂිසන්ස්(කාර් එක රේස් එක පටන් ගනිද්දි තියෙන ස්ථානය.) තීරණය කරන්නේ එතැනින්. වේගවත්ම ඩ්‍රයිවර්ට පළමු තැන ආදි වශයෙන් පෙළ ගැස්ම හැදෙනවා. ගිය අවුරුදුවල ස්ප්‍රින්ට් රේස් එකට මෙහෙම කොලිෆයර් එකක් තිබුනේ නෑ. මේ තමයි පළවැනි වතාව. ඊට පස්සේ එදාම ලංකාවේ වෙලාවෙන් හවස 4.00ට ස්ප්‍රින්ට් රේස් එක තියන්න නියමිතයි.

ඒ වගේම ගිය අවුරුද්දේ ස්ප්‍රින්ට් රේස් එක දිනපු අනුපිළිවෙලට ගෝන්ප්‍රී එකේ ග්‍රිඩ් පොෂිසන්ස් තීරණය වුනත් මෙදා පාර ඉඳන් රේසස් දෙක එකකට එකක් මික්ස් නොකර තියනවා කියළයි කියවෙන්නේ. ඒ කියන්නේ ගෝන්ප්‍රී එකට වෙනම කොලිෆයර් එකක් අද (සිකුරාදා) තියෙනවා. ඉරිදා ගෝන්ප්‍රී ඉවෙන්ට් එකේ ග්‍රිඩ් එක හැදෙන්නේ ඒකට අනුව.

බාකු සර්කිට් එක අනුව ස්ප්‍රින්ට් රේස් එක කම්ප්ලීට් වෙන්න අවශ්‍ය වෙන්නේ ලැප් 17යි. (කිලෝමීටර් 100යි.) හරියට ටී20 මැච් එකක් වගේ.

ස්ප්‍රින්ට් ෂූට්අවුට් එක කොහොමද වෙන්නේ?

⁣මේකත් පරණ කොලිෆයර්ස්වල ෆෝමැට් එකම තමයි. හැබැයි එච්චර වෙලාව ගන්නේ නෑ. Q1 - විනාඩි 12යි, Q2 විනාඩි 10යි, Q3 විනාඩි 08යි. කොලිෆයර්ස් දෙකක් අතරේ විනාඩි7ක ඉන්ටර්වල් එකක් ලැබෙනවා. හැම කොලිෆයර් එකකටම අලුත් ටයර්ස් පාවිච්චි කරන්න ඕන. Q1 සහ Q2වලට මීඩියම් ටයර් සහ Q3 එකට සොෆ්ට් ටයර්ස්.

ඒ වගේම Q1එකේදි ඩ්‍රයිවර්ට පිට්ස්ටොප් එකට යන්න කාලය තිබුනත් Q2 සහ Q3 වලදි අලුත් ටයර් මාරුකරන්න කාලය අඩුයි.
ඒ නිසා Q1 එකේදිම හොඳටම කරන්න වෙනවා.

එහෙනම් වේගවත් සති අන්තයක් වේවා!

- Waruna Sudantha Herath

Latest