Skip to content

කෙටි දුර ධාවන ශූරිය වයස 32 දි අවසන් ගමන් යයි!

හිටපු ලෝක කෙටි දුර ධාවන ශූරියක් වන ⁣එක්සත් ජනපදයේ ටොරි බෝවි ෆ්ලොරිඩා හි සිය නිවසෙදි මරණයට පත් වීමෙන් අනතුරුව සොයාගෙන තිබේ. මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

1990 වසරේ උපන් බෝවි, 2017 වසරේ ලන්ඩන් නුවර පැවැති ලෝක මලළ ක්‍රීඩා ශූරතාවලියෙදි මීටර 100 කාන්තා ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය. ඊට අමතරව එම උලෙළේදිම 100x4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ සාමාජිකාවක්ද වූ ඇය 2016 වසරේ රියෝ ඔලිම්පික් උලෙළේදි රන් පදක්කම දිනු ඇමෙරිකානු 100x4 සහය දිවීමේ කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය.

එසේම රියෝ ඔලිම්පික් උලෙළ පිළිවලින් කාන්ති මීටර් 100 සහ මීටර් 200 දිවීමේ ඉසව්වල රිදී හා ලෝකඩ පදක්කම්ලාභිනිය වූයේද ඇයයි.

Latest