Skip to content

මඩකලපුවට අත දෙන්න දකුණු කොරියාව සුදානම්

දකුණු කොරියාණු ආයෝජකයින් පිරිසක් පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇත.

මෙම සංචාරයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති සංවර්ධන ව්‍යපෘති සහ විවිධ  ගැටළු සම්බන්ධයෙන් දකුණු කොරියාණු නියෝජිතයින් දැණුවත් කිරීම එම අවස්ථාවට සම්බන්ධ වූ රජයේ නිලධාරීන් විසින් සිදු කර ඇත.ධීවර,සත්ත්ව පාලනය,කෘෂි කර්මාන්තය  සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්ද නියෝජිත පිරිස දැණුවත් කිරීම සිදු කරන ලදි.

මඩකලපුව ප්‍රදේශයේ පවතින දේශගුණික තත්ත්වය සුර්ය බල ශක්තියෙන් විදුලිය නිපදවීමට ඉතාමත්ම යෝග්‍ය බවට දකුණු කොරියාණු නියෝජිත පිරිස හදුනා ගෙන ඇත.ඒ අනුව ප්‍රදේශයේ ස්ථාපනය කරන පා වෙන සූර්ය පැනල හරහා විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එකතු කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී ඇත.

දකුණූ කොරියාවේ විදේශ ආයෝජන නිලධාරී ආචාර්ය ජේ.එච්.ලී මඩකලපුව දිසා ලේකම් කලාමදී පද්මරාජා යන මහත්මා මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සංචාරයට සහ සාකච්ඡාවට එක්ව සිටියාය.

Latest