Skip to content

අධික වර්ෂාවෙන් දකුණු කොරියාවට​ දැඩි බලපෑම්!

දකුණු කොරියාවේ මේ වන විට පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් සහ හදිසි ගංවතුර තත්වයක් ඇති වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ අයහපත් කාලගුණික තත්වය හමුවේ මේ වන විට පුද්ගල මරණ 33ක් වාර්තා වී ඇති බවත් දහස් ගණනක් කොරියානු ජනයා සිය නිවෙස්වලින් ඉවත් කර ඇති බවත් ය​. පුද්ගලයන් දස දෙනෙකු අතුරුදහන් වී ඇති අතරම තවත් නව දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද එරට අභ්‍යන්තර කටයුතු හා ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය කරුණු වාර්තා කර සිටී.

කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර කොටසේ පිහිටා ඇති Gyeongsang පළාතේ මරණ 16ක්ම වාර්තා වී ඇත්තේ නායයෑම් හේතුවෙනි. දකුණු කොරියාව පුරා දහසකට වැඩි පිරිසක් සිය නිවෙස්වලින් ඉවත් කර තාවකාලික නවාතැන් වෙතට යොමු කිරීමට මේ වන විට කටයුතු සිදු වෙමින් පවතී. පළාත් හතරක නිවාස 8,300 ක පමණ ජනයා පීඩාවට ලක්ව ඇත්තේ අයහපත් කාලගුණික තත්වයත් විදුලිය බිඳවැටීමත් නිසාය​.

විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ නැගෙනහිර ආසියාව පුරා අධික වර්ෂාපතනයන් ඇති වීමට මෙන්ම එහි තීව්‍රතාවය වැඩි වීම සඳහා මිනිස් ක්‍රියාකාරකම් බලපානු ලබන බවත්, එමගින් ඇතිවන දේශගුණික විපර්යාස හමුවේ ආන්තික කාලගුණික සිදුවීම්වල සම්භාවිතාව වේගවත් කරන බවත් ය​.

මෙම මස මුලදී, අධික වර්ෂාව හේතුවෙන් නිරිතදිග චීනයේ ගංවතුර තත්වයක් ඇති වූ අතර, Chongqing නගරයේ පුද්ගලයින් 15 දෙනෙකු මිය ගියේය.

දරුණු ගංවතුර තත්වය හේතුකොට චීනයේ පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට​!
ධාරානිපාත වර්ෂාව සහ දරුණු ගංවතුර හේතුවෙන් චීනයේ Chongqing හි පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇතැයි එරට

අවදානම් කලාපවල සිටින පුද්ගලයින් වහාම මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන මෙන් කොරියානු අගමැති Han Duck-soo අදාළ​ බලධාරීන්ට නියෝග කර ඇති බව ද වැඩිදුරටත් දැක්වේ.

Latest