Skip to content

සනත් නිශාන්ත පෙන්නපු දකුණු කොරියා සිහිනය

දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණයක්, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුව පිහිටි කාර්යාලයේ අද දින පැවැත්වෙන බව සඳහන් දැන්වීමක් පිළිබඳව PeakNews අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය අංශයෙන් විමසා සිටියා.

එලෙස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා කිසිඳු පාර්ශවයකට අවසර දී නොමැති බවත් එසේ පවත්වන්නේ නම් එය සම්පුර්ණ නීති විරෝධී කටයුත්තක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කර සිටියා. තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා දැනුවත් කර, විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර හරහා ඊට අදාල ඉදිරි පියවර ගන්නා බව එම මාධ්‍ය අංශය අප සමග පැවසුවා.

කෙසේ වෙතත් එම දැන්වීම මේ වන විට ඉවත්කරගෙන ඇත.

එම දැන්වීම

Latest