Skip to content

සෝමාලියාවේ පිපිරීමකින් ළමුන් ඇතුළු 27 කු මරුට

දකුණු සෝමාලියාවේ ක්‍රීඩා පිටියක් තුල සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 27 කු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මධ්‍ය වාර්තා කරයි. දකුණු සෝමාලියාවේ කොරියෝලි නගරයේ කුඩා ළමුන් ඇතුළු පිරිසක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවක මෙම පිපිරිම සිදුව තිබේ. අදාල ක්‍රීඩාංගනයේ වැටී තිබු යමක් එහි ක්‍රීඩා කරමින් සිටි ළමුන් අතට ගෙන පරික්ෂ කිරීමට යාමේදී එය මෙසේ පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් ළමුන් ඇතුළු 27 කු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 50 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. එරට ආරක්ෂක අංශ සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර පුපුරා ගිය වස්තුව ඉකුත් සිවිල් යුධ සමයේ ප්‍රහාර සදහා භාවිතයට ගත බෝම්බයක් බවට සැක  කෙර්.

Latest