Skip to content

සංක්‍රාන්ති ලිංගික ලෝකය කැලැඹූ ඉන්දීය ගැබ් ගැනීම...

සංක්‍රාන්ති ලිංගික යුවලක් ඔවුන්ගේ පළමු ගැබ් ගැනීම පිළිබදව ඡායාරූප රැසක් අන්තර්ජාලය හරහා හුවමාරු කර ගැනීමෙන් පසුව එම සිදුවීම මේ වන විට සයිබර් අවකාශය තුළ විශාල ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඉන්දියානු ජාතික යුවළක් වන  ශියා පාවෙල් (Ziya Paval) සහ ශෙහාඩ් (Zahad) යන දෙදෙනා මෙසේ ඔවුන්ගේ ගැබ් ගැනීමේ ඡායාරූප අන්තර් ජාලයට මුදා හැර ඇති අතර එයින් ඔවුන්ගේ සාම්ප්‍රදායික නොවන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව ඉන්දීය සමාජය තුලද උණුසුම් විවාද ඇති කිරිමට හේතුවී තිබේ.

අග්නිදිග ආසියාවේ පවුලකට දරුවෙකු ලැබීම යනු ඔවුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. එසේම සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා නම් එය  ඊටත් වඩා වැඩිය. සමස්ත ඉන්දියාවේම මේ වන විට සංක්‍රාන්ති ලිංගිකයන් මිලියන 2ක් පමණ ජීවත් වෙති. ඔවුන් 2014 වසරේ සිට ඉන්දියාවේ තුන්වන ලිංගයක් ලෙස පිළිගෙන ඇති නමුත් ඔවුහූ තවමත් සමාජයේ බොහෝ වෙනස්කම් කිරීම්වලට සහ අපකීර්තියට ලක්කිරීම් වලට මුහුණ දෙන ජන කොට්ඨාසයක් බවට පත්ව තිබේ.

විසි එක් හැවිරිදි ශියා පාවෙල් උපතේදී පිරිමියෙකු ලෙස මෙලොවට බිහිවී ඇතත් දැන් ඇය ගැහැණියක ලෙස හඳුනාගෙන ඇත. 23 හැවිරිදි ශිහාඩ් උපතේදී ගැහැණු ළමයෙකු ලෙස බිහිවී ඇති අතර දැන් ඔහු පිරිමියෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ ලිංග සංක්‍රාන්තිය සිදු කරගත් බැවින්  ඔවුන් දෙදෙනාම හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරයටද භාජනය වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ  ඔවුන් මේ සියල්ල සම්පූර්ණ කළේ තම දරුවා පිළිසිඳ ගැනීමට උත්සාහ කරන අතරතුර වීමයි. ඔවුන් ගැබ්ගෙන ඇති බවට වෛද්‍යවරු විසින් තහවුරු කළ පසුව  ඔවුන් අන්තර්ජාලය හරහා  "අවසාන වශයෙන්, බලා සිටීම අවසන්, නව සාමාජිකයා පිළිගැනීමට අප සූදානම්" යනුවෙන් නිවේදනයක් පවා නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

"ශිහාඩ්" දරුවාගේ පියා ලෙසත්, "ශියා" මව ලෙසත් ලේඛනගත කරන ලෙස  යුවළ අදාල ඉන්දීය රෝහලෙන් ඉල්ලා තිබෙනවා. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රෝහලේ නාරිවේද දෙපාර්තමේන්තු ප්‍රධානී වෛද්‍ය, ආචාර්‍ය ශ්‍රීකුමාර් මහතා විසින් පවසා ඇත්තේ දෙමව්පියන්ගේ ලියාපදිංචිය සම්බන්ධයෙන්, "භූමිකාව ආපසු හැරවීම සහ අලුත උපන් බිළිඳාගේ ලිංගභේදය ලියාපදිංචි කිරීම" පිළිබඳ විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගෙන ඊට අනුරූපව කටයුතු කිරීමට සූදානම් බවයි.

ශිහාඩ් ඉන්දියාවේ දරුවෙකු ප්‍රසූත කරන පළමු සංක්‍රාන්ති පුරුෂයා බව සදහන් වේ. "අපි දැනගත් පරිදි, මෙය ඉන්දියාවේ පළමු සංක්‍රාන්ති පුරුෂයාගේ ගැබ් ගැනීමයි." පාවෙල් හා ශිහාඩ් පවසයි.

කෙසේ වෙතත්  පාවෙල් හා ශිහාඩ් ගේ මෙම ගැබ් ගැනීම  සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ සැලකිය යුතු මතභේදයක් මතු වී තිබේ. මෙම යුවළ ඔවුන්ගේ ප්‍රවෘත්ති අන්තර්ජාලය හරහා බෙදාගත් දා සිට ධ්‍රැවීකරණ අදහස් බොහෝ සේ සංසරණය වී ඇත. නමුත් මෙම යුවළ ශක්තිමත්ව ඔවුන්ගේ භූමිකාව තුළ තවමත් රැඳී සිටින අතර ඔවුන්ගේ ගමනේ සුන්දරත්වයට හෝ සවිබල ගැන්වීමට ඉන් කිසිදු හානියක් වී නැති බව ඔවුහූ කියති.
"ඇත්ත වශයෙන්ම, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තුළ මෙන්ම පිටත ද ඒකාකෘති විශ්වාස කරන අය සිටිති, ඔවුන් සිතන්නේ සංක්‍රාන්ති මිනිසෙකුට දරුවෙකු රැගෙන යා නොහැකි බවයි, නමුත් එය අපට අදාල නැත" පාවෙල් පවසයි.
මෙම සිදුවීමත් සමඟම  Paval සහ Zahad යන දෙදෙනාම ලොව පුරා සිටින සංක්‍රාන්ති පුද්ගලයින්ට  මහත් ආශ්වාදයක් වී ඇති අතර, කෙනෙකුගේ සිහින හඹායාමට සහ ජීවිතය උපරිමයෙන් විදීමට ඔවුන් හොදම උදාහරණයක් ලෙසද පිළිගැනීමට ලක්ව තිබේ.

https://limelight-media.com/en/interesting/a-transgender-couple-cries

Latest