Skip to content

සර්පයින් ඇඟේ සඟවාගෙන පනින්න බැරිවෙයි.

චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායේ සිට කාන්තාවක් තම හැට්ටය තුල ප්‍රාණය ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් හොංකොං නගරය දක්වා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් ඇයව අත් අඩංගුවට ගනු ලැබුුුුවාය.

ෆුෂියාන්මු වරායට ඇතුලු වූ අමුතු ශරීර හැඩයක් තිබුනු සංචාරක කාන්තාවක් රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. පසුව රේගු නිලධාරීන් විසින්  කාන්තාව සම්පූරණයෙන්ම පරික්ෂා කිරීමට අවශ්‍ය බව ඒම කාන්තාවට දැනුම් දී සිදුකරන ලද පරික්ෂාවකදී මේස් තුලට දැමූ සර්පයින් 5 දෙනෙකු සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටියදී හමු වි ඇති අතර ඒම සර්පයින් ප්‍රාණවත්ව සිටීමද විශේෂයත්වයක් වී ඇත.

පසුව ඒම කාන්තාව රේගු නිලධාරීන් බාරයට ගෙන ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවටත් සර්පයින් පස් දෙනා වනජීවි අංශයේ බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

මෙලෙසින්ම 2023 ‌ගෙවුණු අප්‍රේල් මාසයේදී ද කාන්තාවක් සිය හැට්ටය තුල සර්පයින් 20 ක් සඟවාගෙන පැමිණ සිටි අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙසින් සර්පයින් රැගෙන ගොස් මැලේසියාව වැනි වෙනත් රටවලට අධික මිල ගණන යටතේ විකිණීමේ ජාවාරම් සිදුකරන අතරම වනජීවි ආරක්ෂක පණත යටතේ අදාල සර්පයින් අවසරයකින් තොරව රැගෙන යාම තහනම්ව කොට ඇත.

Latest