Skip to content

සමෘද්ධි වර්ජනය නිම වෙති. අවුරුදු උත්සව 29 හා 30.

වසම් භාර සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධි ප්රජාමූල සමිති නිලධාරීන්ට රුපියල් 2000 ක දීමනාවක් ඇතුළු තවත් ඉල්ලීම් රැසක් ලබා දීමට සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ප්රමුඛ කළමනාකරණ මණ්ඩලය තීන්දු කිරීම හේතුවෙන් තම වෘත්තිය ක්රියාමාර්ගය අත් හැරීමට තීරණය කළ බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්.ඒ.අයි.බී අබේසිංහ මහතා පවසයි.

මෙයට අමතරව ප්‍රජා මූල බැංකු කළමනාකාරුවෙකුට මෙතෙක් ගෙවූ රුපියල් 5000 ක දීමනාව රුපියල් 7500 ක් දක්වා ද සහකාර කළමනාකාරවරයෙකු වෙත ගෙවූ රුපියල් 4500 ක දීමනාව රුපියල් 7000 දක්වා ද මුදල් අයකැමි ගිණුම් ලිපිකුරු තනතුරට ගෙවූ රුපියල් 4000ක දීමනාව රුපියල් 6000 දක්වා ද කලාප සහකාර වෙත ලබාදුන් රුපියල් 2000 ක දීමනාව රුපියල් 4000 දක්වා ද ඉහළ නන්වා ඇතිබවද අබේසිංහ මහතා කියයි.

ප්‍රජා මූල සමිති නිලධාරීන් සඳහා නිවාඩු දින වැටුප් ගෙවීමට ද අනුමැතිය හිමිව තිබෙන බවද මීට අදාළ චක්‍රලේඛණය මෙම මස 28 දින නිකුත් කිරීඹට නියමිත බව ද අබේසිංහ මහතා පැවසුවේය. මහනුවර දී පැවැති මාධ්ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්රකාශ කළේය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරීන්ගේ සංගමය පසුගිය 06 වැනි දින බැංකු ගනුදෙනු කටයුුතු වලින් ඉවත්ව සමෘද්ධි බැංකු මගින් පවත්වන අවුරුදු උත්සව සියල්ල වර්ජනය කිරීමට තීරණය කළ බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු කළමනාකරණ මණ්ඩලය අදාළ ඉල්ලීම් ලබා දීමට තීරණය කිරීම

සැලකිල්ලට ගෙන මෙතෙක් නොපැවැත් වූ අවුරුදු උත්සව සියල්ල මෙම මස 29 හා 30 දෙදින පවත්වන බවත් අබේසිංහ මහතා පැවසුවේය.

සමෘද්ධි බැංකු සමංගමය වර්ජනයක් ක්රියාත්මක කරමින් ආණ්ඩුව පෙරලීමටත් සමෘද්ධි දෙපාර්තමේන්තු නිලධාරීන් පන්නා දැමීමටත් උත්සහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙන්ම ඇතැම් අඳබාල පිරිස් පදනම් විරහිත චෝදනා එල්ල කළ බවත් මේ වනවිට ඒ සියල්ල පුස්සක් වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සුබසාධක ලේකම් ඩී.එම්.කේ.බී දිසානායක මහතා ද මෙහි දී කතා කළේය.

Latest