Skip to content

පුංචි ජන්දය නැත්නම් මන්ත්‍රී ධූරය නැවත ඕනේ - මුජිබර් අධිකරණයට යාමට සැරසෙයි!

රජය පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා පවසයි.

රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති පසුබිමක තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි රහුමාන් මහතා පවසන්නේ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඔහු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර එම හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් ඒ.එච්.එම් ෆවුසි මහතා පත්විය.

Latest