කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono මහතා සමග සාකච්ඡා කර තිබේ.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයන් පිරිසකට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හමු වි තවත් ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබී තිබෙන අතර මීට පෙර දේශපාලන නියෝජිතයන් පමණක් මෙවැනි සාකච්ඡා සදහා එක්වුවත් මෙහි දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට ද තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම කැපී පෙනුණි.
එහි දී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර නිසිලෙස කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබුණි.
ඊට අමතරව වත්මන් රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.
එහි දී දීර්ඝ කාලයක් පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය ගැටලු ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හා සමග සෘජුවම සාකච්ඡා කිරීමට මෙම හමුවට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි විය. එහි දී මෙම ගැටලු වලට කඩිනම් තිරසර විසදුම් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයාගෙන් ඉල්ලා සිටියේය.