Skip to content

දෙවන තරඟයෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 116ක ජයක්

Pic Cr/ Sri Lanka Cricket 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අද (ජූනි30) ගාල්ලේදී පැවති සීමීත ඕවර තරඟයේ ජය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලේය. ඒ අනුව ඔවුන් සිය ඉනිම අවසනයේදී කඩුළු 7ක් දැවී ලකුණු 329ක් ලබා ගත්හ. මෙහිදී Amelia Kerr ලකුණු 108ක්ද , නායක Sophie Devine ලකුණු 137ක්ද ලබා ගනිමින් සිය ඉනිම ශක්තිමත් කලේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඕෂදී රණසිංහ ලකුණු 68ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

ජයග්‍රාහී ලකුණු 330ක පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු කඩුලු 02 ලකුණු 26කට බිඳ දැමීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් විය. මෙහිදී පසුගිය තරඟයේදී දක්ෂතා දැක්වූ නායක චමරී අතපත්තු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අවාසියක් ගෙනදෙන්නක් විය. කෙසේ වෙතත් එක් අන්තයක රැදෙමින් කවීෂා දිල්හාරී ලකුණු 84ක් රැස් කලද අනෙක් අන්තයෙන් ඇයට එතරම් සහයක් ලැබෙනු දැකිය නොහැකිවිය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය ඉනිම තුල ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 213ක් පමණි.

ඒ අනුව ලකුණු 116ක ජයක් හිමිකර ගනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද සමත්විය.

නවසීලන්තයේ Sophie Devine තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

Latest