Skip to content

සියක් නමක් හිමිවරු කොළඹ නගරයේ පිණ්ඩපාත චාරිකාවක

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් සියක් නමක් ස්වාමින් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ  පිණ්ඩපාත චාරිකාව අද පෙරවරුවේ කොළඹ නගරයේදී පැවැත්වුණා.



කොළඹ 02, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වූ  පිණ්ඩපාත චාරිකාව  පිත්තල හන්දිය,ධර්මපාල මාවත ඔස්සේ කොළඹ නගර සභා පරිශ්‍රයට වැඩම කරවන ලැබුවා.
අනතුරුව කොළඹ නගර සභා පරිශ්‍රයේදී ස්වාමීන් වහන්සේලාට දානය පිළිගැන්වීම සිදුකෙරුණා.



බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බුද්ධශාසන  අමාත්‍යාංශය ඉදිරිපිටදී ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජාවක් සිදු කරනු ලැබු අතර
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.

Latest