Skip to content

පිරවුම්හල් 50ක් සමඟ සිනොපෙක් ඉන්ධන වෙළෙඳපොළට එක්වෙයි!

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ඉන්ධන ගබඩා කිරීම හා ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවසර ලබා දෙමින් සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

එම සමාගම මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.

එමගින් ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ස්ථාපිත කිරීම හා පවතින ඉන්ධන පිරවුම්හල් 150 ක් සම්බන්ධ කරගනිමින් ජාලයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් වෙළෙඳපොළ තරඟකාරීත්වයක් ඇති වනු ඇති.

Latest