ශ්‍රී ලංකාව 1815 ඉංග්‍රීසි පාලනයට නතු වූ අතර මෙරට රාජ්ය භාෂාව බවට පත් වුයේ ඉංග්‍රීසි භාෂාවයි. නමුත් 1930 වසරේ මුල් කාලයේ ඇරබුනු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ හා බෞද්ධ , හින්දු පුනර්ජීවන වැඩපිළිවෙලේ ප්‍රමුඛ ඉල්ලීම බවට පත් වුයේ ඉංග්‍රීසි වෙනුවට ස්වභාෂා රාජ්ය භාෂා බවට පත් කල යුතු බවයි. ස්වභාෂා වශයෙන් හදුන්වන ලද්දේ සිංහල හා දෙමල භාෂාවන් වන අතර පළමු වරට ලංකා සම සමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන මහතා 1936 ජුනි 23 ස්වභාෂා රාජ්ය භාෂා බවට පත් කල යුතුය. යන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
1936 පෙබරවාරි 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැඩි චන්ද 11 කින් මෙම යෝජනාව සම්මත වූ අතර ඒ සමගම ස්වභාෂා රාජ්ය භාෂා බවට පත් කිරීමේ උද්ඝෝෂණ පුළුල් විය. මිට අමතරව 1944 මැයි 24 දිනද මෙයට අදාල තවත් යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එවකට කැලණිය නියෝජනය කල මන්ත්‍රී වරයා සේම කෘෂිකර්ම හා අහාර ඇමතිවරයා වූ ජේ. ආර්.ජයවර්ධන මහතා විසිනි.එම යෝජනාව මුලදී '' සිංහල භාෂාව පමණක්'' යනුවෙන් ඉදිරිපත් වූ අතර පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන්ගේ සහ තවත් මන්ත්‍රී වරුන්ගේ සංශෝධන සහිතව එය සම්මත විය.

ඒ අනුව වසර ගනනක් තුල සිංහල හා දෙමල රාජ්‍ය භාෂාව කිරීමේ පරමාර්ථය සහිතව පහත සදහන් ක්‍රියාමාර්ග ගත යුතු බව රාජ්‍ය මන්ත්‍රණ සබාව අදහස් කරන ලදී.
01 සම පාසලකම ඉගැන්වීමේ මාධ්‍ය සිංහල සහ දෙමල විය යුතුය.
02 ආණ්ඩුව විසින් පවත්වන සම විභාගයකදීම සිංහල හා දෙමල භාෂා අනිවාර්ය කල යුතුය.
03 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහල හා දෙමල භාෂා වලින් පවත්වාගෙන යාමට හැකි වන අයුරින් නීති රීති සම්පාදනය කල යුතුය.
04 වෙනත් භාෂා වලින් පලවන වැදගත් පොත පත සිංහලට හා දෙමළට පරිවර්තනය කිරීම සදහාත් , පොත් තේරීම සදහාත් කොමිෂන් සභාවක් පත් කල යුතුය.
05 ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල හා දෙමල භාෂා වලට මාරු වීම සදහා ගත යුතු හැම පියවරක් පිළිබදවම වාර්තා කිරීමට කොමිසමක් පත් කිරීම.
ඒ අනුව මෙම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂව චන්ද 27 ක් හා විපක්ෂව චන්ද දෙකක ලැබුණු අතර එය වැඩි චන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත විය. ඒ අනුව සිංහල හා දෙමල රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සදහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබද සොයා බලා වාර්තා කිරීම පිණිස 1945 සැප්තැම්බර් මස 26 දින රාජ්‍ය මන්ත්‍රණ කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක විය. මෙම කාලය වන විට දෙවන ලෝක යුද්ධය අරබිම හේතු කොටගෙන දෙවන දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා කල සීමාවද දික් කරනු ලැබිය. නමුත් යුද්ධය නිම වීමත් සමග ආණ්ඩුක්‍රම ප්‍රතිසස්කරන උද්ඝෝෂණ යලිත් වදී වන්නට විය. මෙම කාලය වන විට වැඩි නිදහස් බලතලබ ලබා දෙන ලෙස එස්. ඩබ්.ආර් .ඩි. බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසස්කරන යෝජනාවක්ද සම්මත කරගන්න ලද අතර සිංහල දෙමල රාජ්‍ය භාෂාව බවට පත් කරන ලෙස වන ඉල්ලීමද මෙම යෝජනාවට ඇතුලත් විය. ඒ අනුව වැඩි දුර ප්‍රතිසස්කරණයන් පිළිබද සොයා බැලීමට බ්‍රිතාන්‍යන් සෝල්බරි කොමිසම පත් කරනු ලැබිය.
සෝල්බරි කොමිසමේ නිර්දේශයන් මත 1947 ලංකාවට මෙරටට පාර්ලිමේන්තු ක්‍රමය ලබා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව පිහිටුවීමේන් අනතුරුව ඊට වසරකටත් අඩු කාලයකදී එනම් 1948 පෙබරවාරි 04 දා ලනකව බ්‍රිතාන්‍ය යටත් විජිත බවයෙන් නිදහස් විය.
මෙසේ නිදහස් වීමත් සමග ස්ව භාෂා රාජ්‍ය භාෂා බවට පත් කිරීමේ ඉල්ලීම්ද වැඩි වන්නට විය. එවකට පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තුලද මේ සම්බන්ධයෙන් මත ගැටුම් උත්සන්න විය.
මෙම කටයුතු අතරතුර එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතා එවකට සාජිකත්වය දරු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අතර ඊට වක්‍රව මෙම භාෂා ප්‍රශ්නයද ඉවහල් වූ බව පෙනේ. ඒ අනුව ඔහු 1951 ජුලි 12 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව 1951 සැප්තැම්බර් 02 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටුවන ලදී. මෙම කටයුතු අතරතුර 1952 මාර්තු 22 දින අගමැති ඩී.එස්. සේනානායක මහතා හදිසියේ මිය ගිය අතර එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත් විය.

මෙසේ පත්වූ නව අගමැති ඩඩ්ලි සේනානායක පාර්ලිමේන්තුව විසුරවා නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන එන ලද අතර 1953 මහා හර්තාලය හේතුවෙන් ඩඩ්ලි සිය අගමැති දුරයෙන් ඉල්ලා අස්වූ අතර එම වසරේම ඔක්තොම්බෙර් 12 සර් ජෝන් කොතලාවල අගමැති වශයෙන් වැඩ භාර ගන්න ලදී.

එහිදී අගමැති කොතලාවල මහතාටද මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම ගැටලුවක් වුයේ භාෂා ප්‍රශ්නයයි . ඒ අනුව මෙය විසදීම සදහා අගමැති වරයා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටවන ලදී.ඒ අනුව මෙම ස්වභාෂා ප්‍රශ්නය පිළිබද වසර ගණනාවක් මුළුල්ලේ ගත මෙම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස 1954 අවසන් වන විට පාසල් වල 08 වන වසර දක්වා ස්වභාෂාවෙන් අධ්‍යන කටයුතු ආරම්භ කරන ලදී. මෙත් සමග මෙරට අධ්‍යාපනයේ නව පිබිදීමක් ඇති විය.
මෙම කාලය වන විට පංචමහා මණ්ඩලයක් පිහිටුවන ලද අතර එහි මුලිකත්වයෙන් කොලබ මහා පෙළපාලියක් ක්‍රියාත්මක කරන ලදී එහි රැස්වීමේදී කථිකයින් බොහෝ දෙනකු කියා සිටියේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පමණක් යොදා ගත යුතු බවයි. මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් නායකයකු වන බදියුදීන් මොහොමඩ් මහතා මෙරට මුස්ලිම් ජනතාව සිංහල රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමට සුදානම් බව පවසන ලදී.
මෙලෙස පංච මහා බල මණ්ඩලය විසින් දියත් කෙරුණු ''සිංහල පමණයි'' සටන් ව්‍යාපාරයට දකුණේ බොහෝ පිරිස් නැබුරු විය. ඒ අනුව ෆෙඩරල් පක්ෂය ''දෙමලටද සමතැන්'' යනුවෙන් සටන් ව්‍යාපාරයක් ඇරබු අතර එයට උතුරේ බහුතර නැබුරුවක් ඇතිවිය. එය හරියටම දෙපැත්තට කබා ඇදිල්ලක් බදු විය. ඒ අනුව සිංහල හා දෙමල ජාති වාදයේ කබා ඇදිල්ල භාෂාව මුල් කරගෙන ආරම්භ විය.