Skip to content

සිම්බාබ්වේට කඳුළු දුන් ස්කොට්ලන්තය

ක්‍රිකට් ක්‍රීඩාව යනු සදා අවිනිශ්චිත ක්‍රීඩාවක් ය යන්න වන බව සහ එය නියතයක් ය. යන්න තවදුරටත් ලෝකයට තහවුරු වූයේ ඊයේ දින බුලවායෝහී queens sports club ක්‍රීඩාංගනයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟයත් සමඟය.

ශ්‍රී ලංකාව මේවන super six වටයේ පෙරමුණ ගනිමින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා අවසන් නමුත් super six වටයේ සිම්බාබ්වේ, ස්කොට්ලන්ත සහ නෙදර්ලන්ත යන කණ්ඩායම් අතර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ දැවැන්ත යුද්ධයකි.

ඒ අනුව ඊයේ දිනයේ පැවති ඉතා තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 234 ක් රැස් කරන්නට විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම හට සිය මව් රටෙහි තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඉතාමත් අවසනාවන්ත අවමන්සහගත පරාජයක් අත් විඳිනන්නට වූ අතර ඔවුන්ට පන්දුවාර 41 යි පන්දු 1 දී සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 203 ක් පමණි.

ඒ අනුව පිට පිට තරඟ පහක් ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම හට පිට පිට තරඟ දෙකක් පරාජය වීමෙ වරදට ලෝක කුසලානය සඳහා යන මාවතෙන් ඉවත්වීමට සිදු වීම ක්‍රිකට් ලෝකයම පුදුම කෙරූ සිද්ධියක් බවට පත්ව ඇත. ICC හී පූර්ණ සාමාජිකත්වය හෝ නොමැති ස්කොට්ලන්තය අතින් මෙලෙස  නව වතාවක් ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කළ, ෆ්ලවර් සහෝදරයින් වැනි දැවැන්ත ක්‍රිකට් තරු බිහි කළ  සහ තරඟාවලියේ ආරම්භයේ සිට නිසැකවම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනීවි යැයි සිතූ සිම්බාබ්වේ කණ්ඩායම හට ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

පෙරළිකාර ස්කොට්ලන්තයේ මෙම ක්‍රියාව ක්‍රිකට් ලොව පුදුම කරවීමටත් මුළු සිම්බාබ්වේ දේශයම හැඬවීමටත් සමත් වී ඇති අතර මේවන විට super six වටයේ දෙවන ස්ථානය ලබා ගැනීමට ද ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි වී ඇත.

නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට ද ප්‍රසාද ලකුණු 6 ක් හිමිය. නමුත් ස්කොට්ලන්ත කණ්ඩායමේ දළ ලකුණු වේගය වැඩි බැවින් ඔවුන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ට තව එක් තරඟයක් නෙදර්ලන්ත කණ්ඩායම සමඟ හිමි වේ. එහිදී බොහෝ විට නෙදර්ලන්ත කණ්ඩායම එම තරඟය ජයගතහොත් ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 6 ක් හිමිවේ. එවිට සිම්බාබ්වේ , නෙදර්ලන්තය සහ ස්කොට්ලන්ත යන කණ්ඩායම් තුනෙහිම ප්‍රසාද ලකුණු සම වේ.

නමුත් ස්කොට්ලන්තයට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරඟය පරාජය වූව ද එය බොහෝ විට අඩු ලකුණු පරතරයකින් පරාජය වුවහොත් ඔවුන්ගේ දළ ලකුණු වේගයත් සමඟ ස්කොට්ලන්තය ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබනු ඇත. සමහරවිට ඔවුන් නෙදර්ලන්තය ද පරාජයට පත් කිරීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් පවතින තත්වය අනුව ප්‍රකාශ කළ හැක්කේ. ICC හී පූර්ණ සාමාජිකත්වය හිමි ප්‍රභල කණ්ඩායම් ද පරාජයට පත්කර ICC හී පූර්ණ සාමජිකත්වය හෝ නොමැති පෙරළිකාර ස්කොට්ලන්ත කණ්ඩායම 2023 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සමඟ ටිකට්පත් වෙන්කරගන්නා බවය.

Latest