මින් පසු නීතිය ක්‍රියාත්මක වෙනවා..
වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මින් පසුව සීසර් ලා යොදාගෙන එවනි වාහන අතපත් කරගැනීමට උත්සාහ කලහොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
ඒ අනුව යම්කිසි ලීසිං සමාගමක් විසින් එවැනි දැනුම්දීමක් කල විට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරන බවත් එම ක්‍රියාවලියේදී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් ලබාදෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා කියයි.
ලීසිං සමාගම් විසින් සිය වාරික ගෙවීම් ප්‍රමාද වූ විට පුද්ගලයින් යොදවා අත්පත් කරගන්නා එම වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.