Skip to content

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය රජය අතර ගිවිසුම් රැසක්..

ශ්‍රී ලංකා හා සෞදි අරාබි ඒකාබද්ධ කොමිෂමේ පලමු සැසිය 23 දා සෞදි අරාබියේ රියාද් නගරයේදී මැයි 23 දා ආරම්භ විය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේස කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය හා සෞදි අරාබි රජයේ නියෝජ්‍ය විදෙස් කටයුතු අමාත්‍ය ගරු වලීඩ් අල් කරීජ් මහතා මුලසුන හොබවනු ලැබීය. දෙරට අතර පවතින සම්බන්දතා වැඩි දුරටත් තහවුරු වන අයුරින් ඒකාබද්ධ කොමිෂමේ පලමු සැසිය ක්‍රියාත්මක වු අතර ඒ සඳහා දෙරටේ රාජ්‍ය නිලධාරින් සහභාගි විය මෙම සමුළුවෙන් පසුව ආර්ථික, වෙළඳ,ආයෝජන,රැකියා,තාක්ෂණික, විද්‍යාත්මක සංස්කෘතික ක්‍රිඩා හා සංචාරක ක්ෂේත්‍රය ඇතුළු කරුණු 63 කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුන බවද විදෙස් කටකටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි. සෞදි ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුල ආයෝජන අවස්ථා ඇති කිරීම ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයම දෙරටේ සංස්කෘතිය පිළිබඳව අධ්‍යනය කිරීම හා හුවමාරුව සඳහා ද සාකච්ජා කෙරින ඉදිරියේදි රැකියා අවස්ථාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙන්ම සුභසාධන පිළිබඳවද සාකච්ජා කල බවත් විදේස කටයුතු රාජ්‍ය අමාත්‍යංශය තහවුරු කලේය

 

                                                   

                                                   

Latest