Skip to content

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකුට නව පත්වීම්

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් හී වෛද්‍ය නිලධාරී හිඟය මග හරවිමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව වෙත ගුණාත්මක, කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සදහා නව පත්වීම් ලබා දීම  මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතයේදී සිදු කෙරිණ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක් මත ලබා ගන්නා ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට අයත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 54 දෙනෙකු හා සිද්ධ වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙක් ඇතුළුව වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙක් සදහා පත්වීම් පිරිනැමූ අතර එම වෛද්‍ය නිලධාරීන් මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් වෙත සහ පළාත් ආයුර්වේද රෝහල් වෙත සේවයට අනුයුක්ත කිරීම සිදු කරනු ලබයි.

තවද එහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිට අභ්‍යන්තර උසස්වීම් ලද 15 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු විය.

මෙම අවස්ථාවට ‌සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ෂම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ

Latest