Skip to content

අත්‍යවශ්‍ය ඖෂධ 160 ක හිඟයක්

දියවැඩියාව, වකුගඩු රෝග, අධි රුධිර පීඩනය ,හෘද රෝග, ළමා රෝග හා  ප්‍රතිජීවක ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ  160ක හිඟයක් රජයේ රෝහල්වල පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග දක්වන ආකාරයට  වකුගඩු රෝගීන්ට ලබාදෙන Sodium Bicabonate 600MG,කොලෙස්ටෙරෝල් ඇති රෝගීන්ට ලබා දෙන Atorvastatin 90 MG අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබාදෙන Diltiazem 40 MG, අක්මා රෝගීන් සඳහා ලබාදෙන Furosemide 40 MG ඇතුලු දේශීය වශයෙන් නිපදවන ඖෂධ දහ අටක් ද මේ වන විට රජයේ රෝහල්වල නොමැත.‌‌‌‌

රජය බෙහෙත් ගබඩාවට  සම්බන්ධ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටින්නේ, දැනට ක්‍රියාත්මක ස්වස්ථා දත්ත පද්ධතියේ අසාර්ථකභාවය හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදකයන් වෛද්‍ය සැපයුම් අංශයට බාරදී ඇති ඇතැම් ඖෂධ නිසියාකාරව භාරගත් බවට දැනුම් දීමක් ද සිදුවී නොමැති බවය.

Latest