Skip to content

80 දශකයේ මැද භාගය වන තෙක්ම ලෝකය තුළ පැවතියේ බල කඳවුරු දේශපාලනයයි. එහි ප්‍රතිඵල ලෙස පළවන ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය  සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධය ආදී ජාතික මෙන්ම අන්තර්ජාතික ගැටුම් ද ඇති වූ බව ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන කරුණකි. නමුත් 80 දශකය මැද භාගය වන විට එකී බල කඳුවුරු දේශපාලනය බිඳවැටුණේ 1989 දී සීතල යුද්ධයේ නිමාවත් සමග එක් කඳවුරක් වන සෝවියට් සංගමය බිඳ වැටීමත් සමගය.

එතෙක් කලක් මතවාද මූලිකකොටගනිමින් ගැටුම් ඇති වූවද නැවතත් එලෙස මතවාද ගුරුකොටගනිමින් ගැටුම් ඇති නොවේ, යනුවෙන් ෆ්‍රෑන්ක්වර්ඩ් ගුරුකුලය නියෝජනය කල " ෆ්‍රැන්සිස් ෆුකුයාමා " විසින් අදහස් දක්වන ලදී. ඒ ඔහු විසින් රචනා කරන ලද " End of history and the last man " යන ලියවිල්ල තුළිනි. එමගින් තව දුරටත් ඔහු ප්‍රකාශ කරන ලද්දේ ලෝකයේ මතවාද මූලිකකොටගත් ගැටුම් 80 දශකයේ අග භාගයෙන් පසුව ඇති නොවන නිසා නැවත ඉතිහාසයක් ලිය නොවන බවත්, අප මෙම ශිෂ්ඨාචාරයේ අවසන් මනුෂ්‍යයින් වන බවත්, මී ළඟ පරම්පරාව  ගැටුම් නොමැති ලෝකයක් කරා පියමනින බවත් ය.

‌ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් තම ශිෂ්‍යයාගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන එමින් " සැමුවෙල් පී. හංටිංටන් විසින් American enterprise institute හි පැවති දේශනයකදී ශිෂ්ඨාචාර ගට්ඨනය පිළිබඳ අදහස මුල්වරට කරලියට ගෙන එන ලදී. ඔහු කියා සිටින්නේ ෆ්‍රැන්සිස් ෆුකුයාමා පවසන පරිදි මතවාදීමය ගැටුම් ලෝකය තුළ ඇති නොවූවද සීතල යුද්ධයෙන් පසුව දේශපාලන අරගල සිදුවන්නේ මිනිසුන්ගේ සංස්කෘතික සහ මිනිසුන්ගේ අනන්‍යතාවයන් අතර බවය. එම නිසා ඉතිහාසය නැවත ලියවෙන බව හංටිංටන් ගේ අදහස විය. ඔහුගේ මෙම න්‍යාය පසුව 1993 දී Foreign affairs සඟරාවට ලියන ලද The clash of civilizations නම් ලිපියෙන් තව දුරටත් වැඩිදියුණු කරන ලදී. ඉන් පසුව 1996 දී ඔහු විසින් රචනා කරන ලද The clash of civilizations and the remaking of world order කෘතිය තුළින් මෙම අදහස තව දුරටත් පුලුල්ව ඉදිරිපත් කරන ලදී.

හංටිංටන් ගේ අදහස වූයේ බල කඳුවුරු ගැටුම අවසන් වූවද එතැන් සිට නැවතත් ලෝකය තුළ මතවාදීමය ගැටුම් වෙනුවට ශිෂ්ඨාචාර අතර ගැටුම් ඇතිවන බව සහ සංස්කෘතීන් සහ ආගමික අනන්‍යතාවයන් අතර සිදුවන මෙම ගැටුම් තුළ භයානක තරඟකරුවා වන්නේ ඉස්ලාමීය අන්තවාදය බවය. ලෝකය තුළ බිහිවන ශිෂ්ඨාචාර ආගම සහ සංස්කෘතිය යන සාධක පදනම්කොටගනිමින්  ගැටුම් ඇතිකරගන්නා බැවින් ඉතිහාසය තවදු හමාර වී නැති අතර නවීකරණය තුළින් ගෝලීය දේශපාලනය සංස්කෘතික රේකා ඔස්සේ ප්‍රතිනිර්මාණය වෙමින් පවතී.

එමෙන්ම මිනිසුන් හා සමාන සංස්කෘතීන් ඇති රටවල් එකට එක්වන අතර  විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් සහ රටවල් වෙන්වෙමින් පවතින බව හංටිංටන් ගේ අදහසයි. සංස්කෘතික , ජන වාර්ගික සහ ආගමික ශිෂ්ඨාචාරවලට සමගාමීව දේශපාලන මායිම් වැඩි වශයෙන් නැවත සකස් වෙමින් පවතින අතර ශිෂ්ඨාචාර අතර විභෙදුම් රේකාවන් ඇති වී ඒවා දේශපාලන ගැටුමේ කේන්ද්‍රීය රේකාවන් බවට ද පත් වේ.

තව දුරටත් ඔහු සිය කෘතිය තුළින් 1990 න් පසු ලෝකය තුළ ඇතිවන ශිෂ්ඨාචාර 09 ක් පිළිබඳව ද සඳහන් කර ඇත. එනම් බටහිර ශිෂ්ඨාචාරය, ලතින් ඇමෙරිකානු ශිෂ්ඨාචාරය, අප්‍රිකානු ශිෂ්ඨාචාරය, ඉස්ලාම් ශිෂ්ඨාචාරය, කොන්ෆියුසියානු ශිෂ්ඨාචාරය, හින්දු ශිෂ්ඨාචාරය ,  ඕතඩොක්ස් ශිෂ්ඨාචාරය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ ජපන් ශිෂ්ඨාචාරයයි. මෙම ශිෂ්ඨාචාර අතර ලෝකයේ ඇතිවන ගැටුම්කාරී තත්වයන්ගෙන් සක්‍රීය වන්නේ බටහිර ක්‍රිස්තියානි ශිෂ්ඨාචාරය සහ ඉස්ලාමීය ශිෂ්ඨාචාරය වන බවද හංටිංටන් ප්‍රකාශ කර ඇති අතර  කෙසේ නමුත් හංටිංටන් ඉදිරිපත් කල මෙම අදහස පිළිබඳව ලෝක අවධානය යොමු වූයේ 2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ සිදු වූ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය.

පසු කාලයේ " summary of The clash of civilizations and the remaking of world order " ලෙස 2003 වසරේ වාර්තාවක් නිකුත් කරමින් හෙන්ඩ්‍රික්ස් ප්‍රකාශ කර ඇත්තේ බටහිර ශිෂ්ඨාචාරයන් ලොව පුරා කුඩා සහ අඩු බලයකින් යුක්ත ශිෂ්ඨාචාර කෙරෙහි බලපෑම් කරන අතරම එය මූලිකකොටගනිමින් බටහිර ශිෂ්ඨාචාරයට එරෙහිව බටහිර නොවන පුද්ගලයන්ගේ අමනාපය වර්ධනය වන බව හංටිංටන්ගේ අදහස වන බවය.

මොහුගේ මෙම අදහස් අනුව පැහැදිලි වන්නේ සීතල යුද්ධයෙන් පසුව ලෝකය ඉදිරියට යමින් සිටින්නේ බටහිර වටිනාකම් පදනම්ව යන්නය. රුසියාව සහ චීනය තුළ වූවද යම් මට්ටමකින් බටහිර වටිනාකම් ඉදිරියට පැමිණීම සිදුවෙමින් පවතින අතර බටහිර වටිනාකම්වල ආක්‍රමණශීලී ව්‍යාප්තියට එරෙහිව ආගමික සහ සංස්කෘතික ප්‍රතිචාරය ඉතා බිහිසුණු ආකාරයෙන් ඉදිරියට පැමිණීම වැලැක්විය නොහැකි තත්වයකට පත්ව ඇත. වත්මන් ලෝක ක්‍රමය තුළ සිදුවන ආගමික ත්‍රස්තවාදයෙහි වර්ධනයත්, ඔවුන් විසින් සිදුකරණු ලබන ගැටුම්කාරී තත්වයන් ද හරහා හංටිංටන් ගේ අදහසෙහි සත්‍යතාවය අවබෝධකරගත හැකිය.

හංටිංටන් ගේ අදහසට අනුව බටහිර ක්‍රිස්තියානි ශිෂ්ඨාචාරයට ප්‍රතිවිරුද්ධව ප්‍රබල වශයෙන් පශ්චාත් සීතල යුධ සමය තුළදී ඉස්ලාමීය අන්තවාදය පෙරමුණට පැමිණීමක් වශයෙන් 2019 අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය ද පෙන්වාදිය හැකි අතර එලෙසම තව දුරටත් ජාතික මෙන්ම අන්තර්ජාතික ශිෂ්ඨාචාර අතර ගට්ඨනයන්හී ඵලයන් ලෙස විවිධ ගැටුම් ඇතිවනු වර්තමානයේ ද දක්නට ලැබේ. එමෙන්ම අනාගතයේදී ද එවැනි ශිෂ්ඨාචාර අතර ගැටුම් අපට අපේක්ෂා කළ හැකිය.

Latest