ශාකුන්තලය කියන්නේ මහා කවි කාලිදාසයන් විසින් රචිත භාරතීය ඉතිහාසය හා බැඳුණු චිත්තාකර්ෂණීය කාව්‍යමය ආදර කතාවක්. අවුරුද්දේ අප්‍රේල් 14 වෙනිදා ඉන්දියානු සිනමාව විසින් කාලිදාසයන්ගේ මේ අනර්ඝ නිර්මාණය පාදක කරගෙන “ශාකුන්තලම්” නමින් චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියනවා .

සාකුන්තලය ගද්‍ය රචනාවට මූලාශ්‍ර වූ ඉතිහාස කතාවේ සාරාශය දිග හැර බැලුවොත්,
මේනකා නම් දෙවඟනක් විශ්වමිත්‍ර තාපසයාගේ තපස බිඳීමට දරන ව්‍යායාමය අතර තුර ඔවුන් දෙදෙනා අතර ප්‍රේමයක් හට ගන්නවා. එසේ ඇතිවන ප්‍රේමයේ ප්‍රතිපලය ලෙස විශ්වමිත්‍ර තපසාට දාව මේනකා දෙවඟනට දියණියක් ලැබෙනවා. නමුත් ඇය දෙව්ලොව වෙසෙන දෙවඟනක් නිසා මේනකා සිය කුළුඳුල් දියණියව පෘතුවියේ අතහැර දමා නැවතත් දෙව්ලොවට යනවා. එම අවස්ථාවේ ශාකුන්ත නම් කුරුළු විශේෂයක් විසින් මේ බිලිඳු සිඟිත්තියව සෘෂිවරුන් වාසය කරන ආශ්‍රමයක තිබෙන ගස් බෙනයකට ගෙනවිත් දමනවා. එහිදී ඇයව ආශ්‍රමයේ සිටින සෘෂිවරුන් හට හමුවන අතර ශාකුන්ත පක්ෂීන් විසින් රැගෙන ආ නිසා ඇයට කාන්වා නම් ප්‍රධාන සෘෂිවරයා "ශාකුන්තලා" ලෙස නම් තබනවා. එතැන් සිට මේ කුඩා දැරිය ස්වභාවික පරිසරය, වන සතුන් සහ සෘෂිවරුන්ගේ ආදරය සෙනෙහස මධ්‍යයේ ආරාමය තුල හැදී වැඩෙනවා.
මේ අතරතුර දිනක් ප්‍රතිෂ්ට නුවර අධිරාජ්‍යයා වන දුශ්‍යන්ත රජු මෙම සෘෂිවරුන් වසන ආශ්‍රමය තියන වනයට පැමිණෙනවා. එම අවස්ථාවේදී ශාකුන්තලා කුමරියව සමනලුන් වසා සිටින අතර ඇගේ මිතුරියන් පවසන්නේ “මේ සමනලුන් අපේ මිතුරියගේ ලස්සන මංකොල්ල කන බවයි” එවිට දුශ්‍යන්ත අධිරාජ්‍යයා මේ සමනලුන් වෙත මලක් අමුණා ඊතලයක් එල්ල කර ඇයව සමනලුන්ගේ ග්‍රහණයෙන් මුදා ගන්නවා. දුශ්‍යන්ත රජු ඇයව ප්‍රථම වරට දකින එම අවස්ථාවේ සිටම ඇය කෙරෙහි ආදරයෙන් බැඳෙනවා.

ප්‍රේමයේ සෞන්දර්යාත්මක බව සම්ප්‍රයෝගයේ සුන්දරත්වය, විප්‍රයෝගයේ කටුකත්වය වැනි අත්දැකීම් රැසක් එකට මුසු වූ මෙම සිනමා නිර්මාණය පුරාවට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිදුවීම්, කුතුහලය, ත්‍රාසය, භීතිය අඩු නැතිව පැතිරිලා තියනවා.
භාරතීය ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණය වුනු Kesari, Jodhaa Akbar, Asoka, Mohenjo Daro, Padmaavat, වැනි සිනමා නිර්මාණ ඉන්දියානු සිනමාලෝලීන් වගේම ලොව පුරා සිටින සියලුම සිනමාලෝලීන්වම වසඟයට ගත් යුගයක කාලිදාසයන්ගේ මෙම විශිෂ්ඨ නිර්මාණය සිනමාවට නැගීම, එය රසවිඳින සියලු දෙනාගේම සිත් අතිශය සතුටට කරුණක් වනවා නිසැකයි.
තෙලිඟු සිනමා අධ්‍යක්ෂකවරයකු වන Gunasekhar විසින් මෙහි අධ්‍යක්ෂණය සිදුකර තිබෙන අතර සමස්ත නිර්මාණය පුරාවට දකින්න ලැබෙන දෘශ්‍ය ප්‍රයෝග (VFX) සියල්ල එම අංශයේ ප්‍රවීණයකු වන Alagarsamy Maayan අතින් තමා සිදුවෙලා තියෙන්නේ.
මෙහි රංගන දායකත්වය ගැන සඳහන් කිරීමේදී ප්‍රධාන චරිතය වන සකුන්තලාගේ චරිතය නිරුපණය කරන්නේ සුරූපී නිළි Samantha Ruth Prabhu විසින්.

දුෂ්‍යන්ත ගේ චරිත නිරුපනය කරන්නේ Dev Mohan. IMDb වාර්තාවේ 4.3/10ක අගයක් Rotten Tomatoes මීටරයේ අගය 20%ක් සහ 38%ක ප්‍රේක්ෂක අගයක් ලබා ඇති මෙම නිර්මාණය Box Office Bomb එකක් වනු ඇති බොහෝ සිනමා විචාරකයින් අනුමාන පළ කර තිබුනා.