Skip to content

රැකියා විසා කියා සංචාරක වීසා වලින් ඩුබායි යවලා

වංචනික කාන්තාවකගේ බහට රැවටී ඩුබායි වෙත ගොස් රැකියාවන් නොමැතිව අනේක දුක් ගැහැට විද වසරකට පසුව පසුව මෙරටට පැමිණ සිටි තරුණයින් තිදෙනෙකුව අපට හමු විය.

හලාවත - විජයකටුපත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් අතරින් දෙදෙනෙකු ඩුබායි වෙත පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේ ජූනි මාස‍යේදීය. මෙම කණ්ඩායම ඩුබායි වෙත ගෙන්වා ගෙන ඇත්තේ එරට පදිංචිව සිටින මෙරට කාන්තාවක් විසිනි. පිරිසිදු කරන්නන් ලෙස සේවය කිරීම සදහා රැකියා ලබා දෙන බව එම කාන්තාව මොවුන්ට පවසා ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇයගේ සහෝදරියකගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 04 බැගින් මුදල් බැර කර ඇත.

මෙම තරුණයින්ව ඩුබායි වෙත ගෙන්වා ගෙන ඇත්තේ සංචාරක වීසා මගිනි. පෙර සදහන් කළ පරිදි තමන්ට රැකියා නොලැබුණු බවත්, තමන් නොදන්නා විවිධ කටයුතු වලට යෙදවුවත් ඒ වෙනුවෙන් වැටුපක් හෝ නොලැබුණූ බවද ඔවුන් කියා සිටී. ඩුබායි රැදී සිටින කාලයේදී නවාතැම් සහ ආහාර පාන ලබා දෙන බව පවසා සිටියත් එයද නිසි පරිදි සිදු නොවූ බව එම තරුණයින් සදහන් කරයි.

තිවංක ෆෝන්සේකා (අවු:25) තමන් මුහුණ දුන් අත්දැකීම අප සමග විස්තර කර සිටියේ මෙසේය.

audio-thumbnail
Lost youth in Dubai Cut 0120230614
0:00
/3:17

ඩුබායි රාජ්‍යයේදී තමන්ට සිදුවූ අකරතැබ්බය මෙසේ කියා සිටියේ තංරක සංජීව(අවු:26)ය.

audio-thumbnail
Lost youth in Dubai Cut 0220230614
0:00
/3:06

පී.ජී.ඩී.ප්‍රේමලාල්(අවු:42) තම ව්‍යාපාරය දැඩි ලෙස පාඩු ලැබීම හේතුවෙන් රියදුරු රැකියාවක් සදහා හෙතෙම ඩුබායි වෙත ගොස් ඇත.මේ ඔහු කියපු කථාවයි.

audio-thumbnail
Lost youth in Dubai Cut 0320230614
0:00
/2:12

මෙවැනි වංචාවන් තවත් සිදු විය යුතුද යන්න විමසිය යුතුව ඇත. එමෙන්ම මෙවැනි කූඨ වංචාවන් වලට තිත තියන්නටද පාලකයින් කටයුතු කළ යුතුව ඇත. නැත්නම් සිදුවන්නේ කිසිවක් නොදන්නා තවත් පිරිසක් මෙවැනි ගැට වලට හසුවී අමාරුවේ වැටීම පමණකි.

Latest