Skip to content

ශබ්දය ගැන පළමු ලිපියෙන්, ශබ්දයෙන් අපිට ඇතිවෙන්න පුලුවන් භෞතික බලපෑම්, අධෝධ්වනියේ බලපෑම, සංගීතය නිසා ටෙස්ටොස්ටෙරෝන් මට්ටමේ ඇතිවන වෙනස සහ 432Hz සංඛ්‍යාතය යන මාතෘකා ගැන අපි කතාකළා. මේ ලිපියෙන් ශබ්දය ගැන තවත් රසවත් දේවල් දැනගන්න පුලුවන් වේවි.

ශරීරයට සුවදෙන සංඛ්‍යාත

ඉස්සර කාලෙ ඉදන්ම, ශරීරයට සුවයක් ගේන්න සංගීතයට හැකියාව තියනවා කියලා මිනිස්සු විශ්වාස කළා. ඒ විශ්වාසයට හේතු වුණේ තමන්ට දැනුන දේ මිසක් කිසිම විද්‍යාත්මක ඔප්පු කිරීමක් නෙමෙයි. මේ වෙද්දි ශ්‍රවණ පර්යේෂකයින් විසින් (Audio researchers) අපට ප්‍රයෝජනවත්වන විවිධ සංඛ්‍යාතයන් හදුනාගෙන තියනවා. පහළින් තියෙන්නෙ ඒ අතරින් කිහිපයක්.


174 Hz - භෞතික වේදනාවන්, ඉරුවාරදය (migraine) සහ ආතතිය (stress) අඩුකරයි

285 Hz - තුවාල, කැපීම් සහ හානි වූ සෛල සුවවීමට ආධාර කරයි

396 Hz - බය සහ වරදකාරී බවෙන් නිදහස් කරයි

417 Hz - ඍණාත්මක ශක්තිය නැතිකොට හැගීම් සමබර කරයි

528 Hz - ආදරය, මනසේ පැහැදිලිබව සහ සාමකාමීබව වර්ධනය කරයි

639 Hz - සම්බන්ධතා, මිත්‍රකම්, තේරුගැනීම සහ ඉවසීම ප්‍රගුණ කරයි

741 Hz - විෂබීජ ඉවත්කිරීමට හා අහිතකර විද්‍යුත්චුම්බක විකිරණයන්ගෙන් ශරීරය ආරක්ෂාකිරීමට ආධාර කරයි

852 Hz - වැඩිදුර සිතීම (overthinking) අවම කර සාමකාමී බව ඇතිකරයි

963 Hz - ආධ්‍යාත්මික දියුණුවට ආධෘර කරයි


ඉහත සදහන් සංඛ්‍යාත අතරින් 396Hz, 417Hz, 528Hz, 639Hz, 741Hz, 852Hz යන ඒවා Solfeggio frequencies ලෙස හදුන්වනවා. ඒ පිළිබද වැඩිදුර කියවන්න.

මේ සංඛ්‍යාතයන්ගෙන් 528 Hz සංඛ්‍යාතය ගැන විද්‍යාත්මකව කරපු පර්යේෂණයන්ගෙන් අදහගන්න බැරි ප්‍රතිඵල ලැබිලා තියෙනවා.. ඉතින් ඒ ගැන නොබලා කොහොමද..

528 Hz

මේ සංඛ්‍යාතය හදුන්වන්නේ "ආදරයේ සංඛ්‍යාතය" කියලා. (The frequency of Love) එහෙම හදුන්වන්න හේතුව වෙලා තියෙන්නෙ 528 Hz සංඛ්‍යාතයේ සින්දු අහද්දි අපි තුළ ආදරය දෝරෙ ගලන්න පටන් ගන්න නිසා. මේක වෙන හැටි විද්‍යාත්මකව බලමු..

අපේ ශරීරයේ ආදරය සම්බන්ධව තියන රසායනික ද්‍රව්‍යයන්ගෙන් ප්‍රධානම එකක් තමයි "ඔක්සිටොසින්" කියන්නෙ. (chemical of love) පර්යේෂණවලින් හොයාගෙන තියනවා 528 Hz සංඛ්‍යාතය කන ගැටුනම ශරීරයේ ඔක්සිටොසින් මට්ටම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා කියලා. ඒකියන්නෙ ආදරයත් ඒ එක්කම ඉහළ යනව කියන එක. [12]

ඒවගේම අපි හැමෝම වගේ පීඩාකාරී (stress) අවස්ථාවලදි සින්දු අහලා ඒ පීඩනය අඩු කරගන්න පුරුදුවෙලා ඉන්නවා.  අපි සාමාන්‍යයෙන් අහන හැම සින්දුවකම වගේ සංඛ්‍යාතය වෙන්නෙ 440 Hz. හැබැයි 528 Hz සංඛ්‍යාතයේ සින්දු අහන්න පුරුදුවුණොත් අපිට වඩා හොද ප්‍රතිථලයක් ගන්න පුලුවන්කම තියනවා. පීඩාකාරී අවස්ථාවලදි ස්‍රාවය වෙන කෝටිසෝල් හෝමෝනය, සංඛ්‍යාත දෙක සමග කාලයත් සමග අඩුවෙන විදිහ සන්සන්දනාත්මකව පහළ ප්‍රස්තාරයෙන් බලාගන්න පුලුවන්.

528 Hz සංඛ්‍යාතයත් එක්ක කෝටිසෝල් හෝමෝනයේ වෙනස ඔයාලා පැහැදිලිව දකින්න ඇති. මේක අත්විදින්න කැමතිනම් පහළ තියන 528 Hz සංඛ්‍යාතයේ music එකට ඇහුම්කන්දෙන්න..අහන ගමන් ලිපියෙ ඉතුරු ටික කියවන්න.

audio-thumbnail
528Hz
0:00
/7:40

මම හිතනව ඔයාලට කලින් නොතිබුණු සන්සුන් ගතියක් මේකට සවන්දෙද්දි ලැබෙනව ඇති කියලා.

අපි කලින් ලිපියෙන් දැක්කා Mozart , Gregorian chants වගේ සෞඛ්‍ය සම්පන්න සංගීත ආකාර අපේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පාලනය කරපු හැටි. ඒ විදිහටම 528 Hz සංඛ්‍යාතයෙන් ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට ඇතිකරන බලපෑම අනෙක් සංඛ්‍යාතයන් එක්ක සන්සන්දනය කරල බලමු. [13]

වෙනත් සංඛ්‍යාතයන් එක්ක බලද්දි 528Hz වලින් කරන්නෙ අඩු බලපෑමක් බව ඔයාලට පැහැදිලිව පේන්න ඇති.

මේ හා බැදුණු තවත් රසවත් දෙයක් තමයි 528Hz හා ඇල්කොහොල් අතර තියන සම්බන්ධය. ඇල්කොහොල් මගින් අපේ සෛල වලට හානි සිද්ධ වෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඇල්කොහොල් නිසා ඇතිවන Oxidative stress (ශරීරය තුළ බොහෝ අස්ථායී අණු පවතින විට ඇතිවන තත්වයක්) නිසාත් සෛල වලට බොහෝ හානි සිද්ධ වෙනවා. ඒත් 528 Hz සංඛ්‍යාතයේ සංගීතයට ඇහුම්කන්දෙමින් ඇල්කොහොල් භාවිතා කරොත් සෛලවල ජීවත් වීමේ හැකියාව 20% කින් වැඩි කරනවා වගේම Oxidative stress 100% කින් පහත හෙළනවා කියලා පර්යේෂණයන්ගෙන් හොයාගෙන තියනවා.[14] ඒකනිසා ඇල්කොහොල් පාවිච්චි කරනවනම් හෝ සමීප කෙනෙක් පාවිච්චි කරනවනම් ඒ අවට 528Hz music play කරන්න අමතක කරන්නෙපා.

අවසාන වශයෙන් මම කැමතියි Spotify එකේ තියන 528Hz music playlist එකක් ඔයාලා එක්ක share කරගන්න. මේක ඔයාලට නින්දට යද්දි වුණත් අහන්න පුලුවන්. එහෙම අහනවනම් playlist එක offline අහන්න පුලුවන් වෙන විදිහට save කරගෙන airplane mode එක දාගෙන අහන්න. මොකද එතකොට EMF (Electromotive force) එක අවම වෙනවා.

ශබ්දය ගැන කතාකරනවනම් තවත් ගොඩක් දේවල් තියනවා. ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ දේවලුත් මම ඉස්සරහට අරන් එන්නම්. සුභ දවසක් !

Resources :

[12] Endocrine Changes From 528 Hz
[13] 528 Hz and Testosterone in Rats
[14] 528 Hz Protects Human Cells From Ethanol

Latest