පවතින අධික වියලි කාලගුණයත් සමග උතුරේ බොහෝ ප්‍රදේශයන්හි ගිනි අවිලීම් කිහිපයක්ම වාර්ථා වන බවටත් පරිසරය දැඩි ලෙසන් වියලි පැවතීම හේතුවෙන් ගිනි ගන්නා අවස්ථාවන්හි ජනතාවට ප්‍රවේශම් වන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දෙයි.,
මෙම ගිනි ගැනීම කිසියම් පුද්ගලයින් විසින් ගිනිතැබූවේද යන්න පිළිබඳව විශේෂ පරික්ෂණයක් අරඹා ඇතැයිද ප්‍රදේශ භාර පොලිස් ස්ථානයන් පවසා සිටියි..
වව්නියාව ඊරට්පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවකද ඊයේ (22) දින ඇති වූ ගින්නක් හේතුවෙන් කොහුබත් විශාල ප්‍රමාණයක් සම්පූරණයෙන් විනාශ වී ඇත.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිවිල් ආරක්ෂක බලකාය, ප්‍රදේශවාසීන් සහ වව්නියාව නගරසභා ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවා දැමීඹට කටයුතු කෙරිණි.



මේ අතර වව්නියාව නෙඩුන්කුලම් මලයාපරත්තිකුලම් ප්‍රදේශයේ වෙල්යායක් මෙන්ම රක්ෂිත වනාන්තරයක ඇති වූ හදීසි ගින්නක් නිවා දැමීමට පොලීසියට, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුදහමුදාව මෙන්ම වව්නියා නගරසභාවේ ගිනිනිවීමේ ඒකකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.




එමෙන්ම ප්‍රදේශ කිහිපයකට ඇද තිබූ විදුලි රැහැන් පද්දතියක් මෙන්ම විදුලි ට්‍රාන්ස් ෆෝමරයකටද ගින්න හේතුවෙන් හානිසිදුව ඇති අතරම ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි කිරීමටද සිදුවූ බවට වව්නියාව විදුලිබල මණ්ඩලය විසින් පැවසීය.
මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ගිනි ගැනීම් රැසක්ම වාර්ථා වී ඇති අතරම බොහෝ අවස්ථාවන්හි ඇතැම් පුද්ගලයින් විසින් මෙම ගිනි තැබීම් සිදුකරන බවටද වනසංරක්ෂණ නිලධාරීන්ට මේනම පොලීසියටද තොරතුරු අනාවරනය වී ඇත.
මේ හේතුව නිසාම වියල ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට ප්‍රවේශමෙන් ජීවත්වන ලෙසද ගිනිගැනීමක් සිදුවූ සැනින් වහාම ආරක්ෂක ස්ථානයකට ගොස් පොලීසිය හෝ ලඟම ඇති ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටද ජනතාවගෙන් ආරක්ෂක අංශ විසින් ඉල්ලීමක් කරයි.



