Skip to content

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර දුප්පත්ද?

තීරණ සාක්කුවේ දාගෙන යන කමිටුවලට සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න විසඳිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ රෝගියාගේ පාර්ශවයේ සිට ගැටලුව දෙස බලන තෙක් සෞඛ්‍ය සේවය මුහුණ දී සිටින ගැටළු විසඳිය නොහැකි බවයි.

අසාත්මිකතාවය පිළිබඳ විශේෂඥයෙක් (Allergist) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොමැති අතර හදිසි ආසාත්මිකතාවයට ලක්වූ රෝගීන් කළමණාකරණය පිළිබඳව ප්‍රතිපතිමය තීරණ ගැනීමට එම විශේෂඥතාවය ඇති මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාව වහාම අදාළ විමර්ශන කමිටුවලට පත් කළ යුතුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

''මේ අතර සෞඛ්‍ය සේවාවේ එකම ප්‍රශ්ණය අසාත්මිකතාවය නොවේ. පසුගිය වසරේ පමණක් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීම සඳහා ලිපි 764ක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ දැනටමත් 500කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වලා තියනවා. ඒවා අසාත්මිකතා ගැටළු නොවේ. මේ සියල්ල නැවත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ  යුතුයි.'' යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

Latest