Skip to content

සහල් ආනයනයේදී සතොසට රුපියල් බිලියන 6.5ක පාඩුවක්

2014 සහ 2015 වර්ෂවල මෙරටට සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 6.5 ක පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කළ සහල් පරිභෝජනයට නොසුදුසු බැවින් ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හරහා මෙම පාඩුව සිදුවී ඇති බව එම කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.

එම සහල් තොගය සත්ත්ව ආහාරවලට සුදුසු යන්න පිළිබඳ පරීක්ෂණයක්වත් සිදුකර නොමැති බව කොප් කමිටු සාමාජික මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොප් කමිටුවේදී පැවැසීය.

මේ වනවිට සතොස ආයතනය වසා දැමීමට කටයුතු කරමින් සිටින බවත් සතොස ගබඩා 38 විකිණීමට උත්සහ කරන බවත් කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා කීය.

ලක් සතොස බිලියන 1.8 ක් සතොස ආයතනයට ණය බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසීය.

Latest