පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙිි දිනවල අධික ලෙස පහත බැස ඇතැයි ප්‍රදේශවාසිිහු පවසති. සමනල වැව ජල පෝෂක ප්‍රදේශවලට මෙිි දිනවල සැලකිය යුතු වර්ෂාවත් නොලැබිම හේතුවෙන් බෙලිහුල්ඔය සහ වලවෙිි ගගේ ජල මට්මට අඩු වීමත් සමග එයින් පෝෂණය වෙන සමනල වැව ජලාශයේ ජල මට්මට මෙලෙස අඩු වී ඇත.
දැනට වසර 23 කට පෙර සමනල වැව ජලාශයේ ජලය පුරවන කාලයේ ජලයෙන් යටවුන කිංචිගුනේ විහාරස්ථානයේ නටබුන්ද මේ දිනවල මතු වෙමින් ඇතැයි ජනතාව කියති.
සමනල වැව පෝෂණය වෙන වලවෙිි ගගේ සහ බෙලිහුල්ඔයේ ජල පෝෂක ප්‍රදේශ වන හෝර්ටන් තැන්න, නන්පේරියල්, ගලගම, පඔහින්න, වලේබොඩ, රාස්සගල, දෙතනගල යන ඉහළ රක්ෂිත ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව නොලැබුනහොත් සමනල වැව ජලාශයේ ජල මට්මට තවත් පහල යැමේ අවධානම් තත්ත්වයක් පවතින බවද ප්‍රදේශවාසිිහු වැඩිදුරටත් පැවැසුහ.