Skip to content

ඌව වෙල්ලස්ස සරසවියේ සකුරා මල් පිපිලා

ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇති බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

2017 වසරේ ජපානයේ සිට ශ්‍රී ලංකාවට ජපන් ශ්‍රී ලංකා සහයෝගිතාව මත මහචාර්ය ආනන්ද කුමාර මහතා ගෙනවිත් අත්හදා බැලීමක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද මෙම සකුරා මල් ගසේ  මේ දිනවල අලංකාර සකුරා මල්කීපයක් පිපී තිබෙන බවත් 2017 වසරේ සිට මෙසේ මල් හට ගැනීම සිදුවූයේ තෙවන වතාවට බව උපකුලපතිවරයා වැඩි දුරටත් පැවසීය.

බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටි සරසවි භූමිය තුළ සකුරා මල් පැලවගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයත් පවතින බවට හැගී ගිය හෙයින් අත් හදා බැලීමේ පර්යේශනයක් ලෙස මෙසේ මෙම ජපානයෙන් ගෙන ආ සකුරා මල් පැලය රෝපනය කළ බවත් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සදහන් කළේය.

Latest